නොබෙල් සාම ත්‍යාගය ළමා ක්‍රියාධරයන්ට

Published in පුවත්
Saturday, 11 October 2014 08:39

ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් දෙදෙනකුට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කොට තිබේ.

දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියා කළ පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) මේ දෙදෙනායි.



සාම ත්‍යාගය ප්‍රදානය කරමින්, නොබෙල් කමිටුව ප්‍රකාශ කලේ පාකිස්තානයේ මුස්ලිම් ජාතිකයකු සහ ඉන්දියාවේ හින්දු භක්තිකයකු , අධ්‍යාපනය සහ අන්තවාදයට එරෙහිව පොදු අරගලයක යෙදීම වැදගත් කොට සලකන බවයි.

ඉතාමත්ම අඩු වයසේදී නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් ලබාගත් ලාබාලම තැනැත්තා වන්නේ 17 වැනි වියේ පසු වන මලාලා යුසෆ්සායි.

බාලිකාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇය ගෙන ගිය ව්‍යාපාරයට එරෙහිවූ තාලිබාන් තුවක්කුකරුවන් 2012 ඔක්තෝබර් මාසයේදී ඇගේ හිසට වෙඩි තැබුවේ ඇය නිහඬ කිරීමට.

දැන් මලාලා ජීවත්වන්නේ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නගරයේයි.

ළමා සහ තරුණ අයිතීන් යටපත් කිරීමට එරෙහිව මලාලා යුසෆ්සායි සහ කයිලාස් සත්යයාර්ති යන ක්‍රියාධරයන් දෙදෙනා විසින් ගෙන යන අරගලය නොබෙල් කමිටුවේ පැසසුමට ලක් විය.

කයිලාස් සත්යයාර්ති මහත්මා ගාන්ධි අනුව යමින් මුදල් සෙවීම වෙනුවෙන් ළමා ශ්‍රමය සූරා කෑමට එරෙහිව විවිධ සාමකාමී විරෝධතාවලට නායකත්වය දී කටයුතු කල බව නොර්වේහි ඔස්ලෝ නුවර පිහිටි නොබෙල් ආයතනය ප්‍රකාශ කලේය. 

හැට වියැති කයිලාස් සත්යාර්ති විසින් ආරම්භ කල බච්පන් බචාවෝ ඇන්ඩෝලන් හෙවත් ළමුන් බේරා ගැනීමේ සංවිධානය, ළමා අයිතීන් රැක ගැනීමට සහ නීති විරෝධී ලෙස මිනිසුන් රට පැටවීමේ ජාවාරම නැවැත්වීම් සඳහා කාර්ය භාරයක් ඉටු කරයි.

කයිලාස් සත්යයාර්ති බීබීසියට පැවසුවේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ලබා දීමත්, ළමා ශ්‍රම සූරාකෑමට එරෙහිව නැගී සිටීමත්, එකට අත්වැල් බැඳ ගත් මූලධර්මයන් බවයි.

“මම ගොඩක් සතුටට පත්වෙනවා. මලාලා පාසල් දැරියත් මේ ත්‍යාගය දීමට තෝරා ගෙන තිබීම සතුටට කරුණක් ,” ඔහු ප්‍රකාශ කළේය.

සාම ත්‍යාගය නිවේදනය කරන විට මලාලා සිටියේ බර්මින්හැම් නගරයේ ඇය අධ්‍යාපනය ලබන පාසල තුළය.

පණිවිඩය ලබා දීමට ඇය පන්ති කාමරයෙන් පිටතට ගෙන යන ලදී.

“මම නොබෙල් සාම ත්‍යාගයට සුදුසු නැහැ කියල මම නිතරම කිව්වා. මම ඒක තවමත් විශ්වාශ කරනවා. නමුත් මේක මට ලැබුණු සම්මානයක් විතරක් නොවෙයි මේක මගේ වැඩ පිළිවෙළ දිගටම කර ගෙන යාමට ලැබුණු ධෛර්යක්,” පසුව මාධ්‍යයට කථා කළ මලාලා පැවසුවාය.

ඇයට ලැබුණු ත්‍යාගය මගින් මලාලා තවදුරටත් දිරිමත්වනු ඇති බවත් බාලිකාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කිරීමේ හැකියාව වර්ධනය වනු ඇති බවත් ඇගේ පියා ෂියඋදීන් යුසෆ්සායි ඇසොසියෙඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට ප්‍රකාශ කළේය.

නෝවීජියානු නොබෙල් කමිටුවේ සභාපති තොබ්ජෝර්න් ජග්ලාන්ඩ් සාම ත්‍යාගය නිවේදනය කරමින් මලාලා අත් කර ගෙන ඇති ජයග්‍රාහී ප්‍රතිඵල ඇගයුමට ලක් කළේය.

“ළමුන්ට මෙන්ම යෞවනයේ සිටින අයටත් තමන්ගේම යහපත වෙනුවෙන් කටයුතු කල හැකි බවට ඇය ආදර්ශයක් දී තිබෙනවා, ” යනුවෙන් ඔහු මලාලා පැසසුමට ලක් කළේය.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us