සාකච්ජා අසාර්ථකයි :දුම්රිය වර්ජනය අඛණ්ඩව

Published in පුවත්
Friday, 10 October 2014 08:14

දුම්රිය නියාමකවරුන් ඇතුළු වෘත්තිකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අදත් අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.

තම ඉල්ලීම් සඳහා පිළිතුරු ලැබෙන තුරු මෙම වර්ජනය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව එම සංගමයේ සභාපති එස්.පී. විතානගේ මහතා කියා සිටියේය.

මේ අතර දුම්රිය වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ජාව ද ප‍්‍රතිඵලදායක නොවිය.

දෙසතියක් ඇතුළත විසඳුම් ලබා දෙන බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කළ ලිඛිත පොරොන්දුවට වෘත්තීය සමිති නියෝජිතයින් එකග නොවිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වන ජානක ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේ කරුණු කිහිපයක් හේතුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ පොරොන්දුව ප‍්‍රතික්ෂේප කළ බවයි. ඒ හේතුවෙන් ඉදිරියටත් වර්ජනය මෙහෙයවන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

කෙසේ වෙතත් දුම්රිය වර්ජනය අද දිනයේද කි‍්‍රයාත්මක වුවහොත්, ආදායම් අහිමි වීම රුපියල් මිලියන හතළිහක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ දිනයේදී පමණක් රුපියල් මිලියන විස්සකට ආසන්න ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වූ බවයි.

තවද, එම ගණන් නිෂ්චිත තක්සේරුවකින් තහවුරුවූවක් නොවන බවත්, එවැනි ගණනයකදී එය තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

පෙර වෙන් කර තිබූ ගමන් වාර අහෝසි කිරීම සහ භාණ්ඩ ප‍්‍රවාහන සේවාවන් මුළුමනින්ම අවළංගු කිරීමට සිදුවීම, අදායම විශාල පරාසයකින් අහිමි වීමට ප‍්‍රධාන හේතුවයි.

වැටුප්, උසස් වීම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීන් කිහිපයක සාමාජිකයින් මෙලෙස වර්ජනයේ නිරතව සිටියි.

වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ සෑම දුම්රිය ස්ථානයක්ම පැවතියේ පාළු ස්වභාවයකි. ගාල්ල, අනුරාධපුර සහ හැටන් දුම්රිය ස්ථානවල දසුන් පහත දැක්වේ.

(වී එෆ් එම් )

CGR-Strick-Hatton-www.nethfm.com00004

CGR-Strick-Hatton-www.nethfm.com00005

CGR-Strick-www.nethfm.com00001

CGR-Strick-www.nethfm.com00002

CGR-Strick-www.nethfm.com00003

CGR-Strick-www.nethfm.com00004

CGR-Strick-www.nethfm.com00006

CGR-Strick-www.nethfm.com00009

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us