නොනිස්ට පහරදීම විමසීමට අනුරට ඉඩ නොදෙයි

Published in පුවත්
Friday, 10 October 2014 08:07

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ක්‍රිස්‌ නෝනිස්‌ මහතාට මන්ත්‍රීවරයකු විසින් පහර දුන්නේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට සූදානම් වූ විශේෂ ප්‍රකාශය ගෙන ඒමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ඉඩ ලබා දුන්නේ නැත.

ස්‌ථාවර නියෝග 2 3/2 යටතේ දිසානායක මහතා විසින් ඉදිරිපත් කිරීමට සිටි එම ප්‍රකාශය සංශෝධනය කර විධිමත් අයුරින් ගෙන එන්නැයිද නියෝජ්‍ය කථානායකවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ පසුව අනුර දිසානායක මහතා රීති ප්‍රශ්නයක්‌ මතු කරමින් තම විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ඉඩ ලබා නොදෙන්නේ මන්දැයි විමසා සිටියේය.

නියෝජ්‍ය කථානායක - ඔබතුමා ඉදිරිපත්කර තිබූ විශේෂ ප්‍රකාශයට අදාළව කථානායකවරයා ලබාදුන් තීන්දුව ලේකම් මණ්‌ඩලය විසින් ඔබේ කාර්යාලයට යොමුකර තිබෙනවා.

දිසානායක මහතා - වෙනදාට එවැනි ලේඛන සභා ගැබේදීයි භාර දෙන්නේ. ඒ නිසයි මම ප්‍රශ්න කළේ. කෙසේ වෙතත් මම අහලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයාට පහර දීමක්‌ සිදු වුණා ද නැද්ද කියලයි.

නියෝජ්‍ය කථානායක -ස්‌ථාවර නියෝගවලට අනුව එවැනි ප්‍රකාශයක්‌ කරන්න බැහැ.

දිසානායක මහතා - මම මේ ප්‍රකාශය මගින් විදේශ ඇමැතිවරයාගෙන් අසා තිබෙන්නේ ක්‍රිස්‌ නෝනිස්‌ මහතාට මන්ත්‍රීවරයෙක්‌ පහර දුන්නාද නැද්ද කියලයි. පහරදීමක්‌ සිදුවී නැත්නම් එවැන්නක්‌ වී නැත කියා ඇමැතිවරයාට කිව හැකියි. පහරදීමක්‌ සිදුව ඇත්නම් ඒ ගැනත් කියන්න පුළුවන්.

නියෝජ්‍ය කථානායක - ස්‌ථාවර නියෝග අනුව ප්‍රශ්න කළ හැකි දේ සහ නොකළ හැකි දේ තියෙනවා. එය අධ්‍යයනය කර ඊට අනුකූල ලෙස විධිමත් ක්‍රමවේදයකට අනුව මෙම ප්‍රකාශය ඉදිරිපත් කරන්න.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us