ජනාධිපතිවරණය මාර්තු දක්වා කල් යන ලකුණු Featured

Published in පුවත්
Friday, 10 October 2014 07:49

මේ දින වල දේශපාලන ක්ෂේත්‍රය තුල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන දිනය පිළිබඳවයි.

ජනාධිපතිවරණය ජනවාරි මුල් සතියේ පවත්වනු ඇති බවට මුලින් වාර්තා පළ වුවත් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ එය මාර්තු මාසය දක්වා කල් යාමට ඉඩ ඇති බවයි.

ආණ්ඩුව කලින් සැලසුම් කළ පරිදි පාප් වහන්සේගේ පැමිණීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම අසීරු කටයුත්තක් වී ඇති බව නම සඳහන් කිරීමට අකමැති රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසුවේ ය.


ආණ්ඩුවේ සැලසුම


ආණ්ඩුවේ මුල් සැලසුම වුයේ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ සිව් වසර අවසන් වන නොවැම්බර් දහනම වනදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර පාප් වහන්සේ ශ‍්‍රී ලංකාවට පැමිණීමට දින කිහිපයකට පෙර ජනාධිපතිවරණය අවසන් කිරිමටයි.

පාප් වහන්සේ ජනවාරි මස දහතුන දාහතර යන දෙදින ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර තම සංචාරය පැවැත්වෙන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපැවැත්විය යුතු බව උන්වහන්සේ කතෝලික සභාව හරහා ආණ්ඩුවට දැනුම් දී තිබුණි.

ජනවාරි මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් පාප් වහන්සේගේ සංචාරය නිසා මැතිවරණ ප්‍රචාරක කාලය සිමා වන අතර වත්මන් ජනාධිපතිවරයාට තුන්වන වරටත් පදවිය සඳහා තරඟ කළ හැකිද යන නීති ප්‍රශ්නය අධිකරණයට යොමු කෙරුනොත් එය නිරාකරණයට තවත් කාලය ගත වීම නිසා ප්‍රශ්න මතුවන බව අමාත්‍යවරයා කියා සිටියේ.

එබැවින් මාර්තු මාසය දක්වා ඡන්දය කල් දැමීමට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ අවධානය යොමුව ඇති බවඑම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පවසයි.

කතෝලික සභාවේ අප්‍රසාදය


ජනාධිපතිවරයා සහ පාප් වහන්සේ අතර පසුගිය සතියේ වතිකානයේ දී සිදු වූ හමුවේදී ජනාධිපතිවරණ දින වකවානු පිළිබඳ සාකච්ඡා කළාද යන්න තමන් නොදන්නා බව පැවසූ ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ, පාප් වහන්සේගේ සංචාරය හේතුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරක කාලය සීමා වනවා නම් ඒ පිළිබඳ කතෝලික සභාව සිය අප්‍රසාදය පළ කර ඇති බව තමන්ට දැන ගන්නට ඇති බවයි.

පාප් වහන්සේගේ සංචාරය හේතු කර ගෙන ජනාධිපතිවරණය ජනවාරි මස පැවැත්වුවොත් ඡන්ද ප්‍රචාරක කාලය සීමා වීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංගනය වන බව පවසමින් ශ්‍රී ලංකා සිවිල් සංවිධාන කිහිපයක් පාප් වහන්සේට ලිපි යවා ඇති බව වාර්තාවේ.

ඔවුන් එම ලිපි මගින් පාප් වහන්සේගෙන් ඉල්ලා තිබෙන්නේ ජනාධිපතිවරණයක් ජනවාරියේ පැවැත්වුනොත් ශ්‍රී ලංකා සංචාරය කල් දමන ලෙසයි.

ඊට අමතරව රජයේ වාමාංශික පක්ෂද ජනවාරියේ ජනාධිපතිවරණයක් නො පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේනද ජනාධිපතිවරයාට 2016 නොවැම්බරය දක්වා රට පාලනය කළ හැකි නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවන බව පවසා ලිපියක් යවා ඇති බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණි.

එලෙස ලිපියක් යවා ඇත්දැයි දැන ගැනීමට බීබීසීය අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

ජනාධිපතිවරණය අසීරුවෙන් හෝ ජනවාරියේ පවත්වනවාද නැතිනම් මාර්තු මාසයට කල් දමනවාද යන අවසන් තීරණය නොවැම්බර් මාසයේ දී ආණ්ඩුව ගනු ඇති බව ජේෂ්ඨ අමාත්‍යවරයා පැවසුවේය.


ප්‍රචාරක කටයුතු


ඊයේ බ්‍රහස්පතින්දා ගෑස් මිල අඩු කළා සේ මෙවර අයවැය මගින් ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හා අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවද කීය.

ජනාධිපතිවරණය මාර්තු මාසයට කල් දැමීමට සුදානමක් ඇත්නම් නොවැම්බරයේ ගෙනෙන අය-වැය ඔක්තෝබර් දක්වා ඉක්මන් කර ඇත්තේ ඇයිදැයි විමසුව විට අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවට සියලු විකල්ප විවෘතව තබා ගැනීමට අවශ්‍ය බවයි.

පාප් වහන්සේගේ සංචාරය නිසා බලය අහිමි කර ගැනීමට ආණ්ඩුව සුදානම් නොවන බව පැවසූ අමාත්‍යවරයා, මාර්තු මාසයේ ඡන්දය පැවැත්වීම ජනාධිපතිවරයාට අවාසි දායක බව හැඟෙන්නේ නම් කුමන බාධක පැමිණියත් ජනාධිපතිවරණය ජනවාරියේ පැවැත්විය යුතු බව තම මතය බව පැවසුවේය.


ජනාධිපති ග්‍රහචාරය


මේ අතර රාවය පුවත්පත පසුගිය සිකුරාදා වාර්තා කළේ ජනවාරි මාසයේ මුල් සති දෙකේ තිබෙන දින දෙකක් හැර ජනාධිපතිවරයාගේ කේන්ද්‍රයට ගැළපෙන සුභ නැකතක් ලබන වසරේ නැති බව ජනාධිපතිවරයාගේ දෛවඥයා තරයේ ප්‍රකාශ කිරීමද ජනවාරියේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වැදගත් සාධකයක් වී ඇති බව දැන ගැනීමට ඇති බවයි.

මැතිවරණ දිනය තීරණය කිරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට නිසා ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා සාධාරණ කාලයක් ලබා දීමට ඔහු බැදී සිටින බව රාවය පුවත්පත වාර්තා කර තිබිණ.

පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂ නායකයන් මැතිවරණ කොමසාරිස්වරයා හමු වී දැනුම් දී ඇත්තේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමන්ට සාමාන්‍ය පරිදි දින හතළිස් පහක් අවශ්‍ය බවයි.

එලෙස සාමාන්‍ය කාලයක් ලබා දුන්නොත් ජනාධිපතිවරණය පැවැත්වීමට සිදු වන්නේ පාප් වහන්සේගේ සංචාරයෙන් අනතුරුවය.

ඇතිවී තිබෙන මෙම අවුල් සහගත තත්ත්වය තුළ පාප් වහන්සේගේ සංචාරය නතර කිරීමට හෝ ජනාධිපතිවරණය ජනවාරියේ හැර වෙනත් කාල වකවානුවක පැවැත්වීමට සිදු වීම නො වැළැක්විය හැකි බව රාවය පුවත්පත පවසයි.

කෙසේ වෙතත්, රොයිටර් පුවත් සේවය ඊයේ බ්‍රහස්පතින්දා වාර්තා කළේ ජනාධිපතිවරණය ජනවාරි මස නම වනදා පැවැත්වීමට ඉඩ ඇති බවයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us