එමෙන්ම දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත්වන තෙක් ලොරි සහ වෑන් රථ යොදවා ගොඩ ගැසී ඇති ලිපි කඩිනමින් බෙදා හැරිය යුතු වුවත් එවැනි වැඩපිළිවෙළක් ඊයේ දහවල් වන විටත් දක්‌නට නොලැබුණු බවද විඡේසේකර මහතා පැවැසීය.
තැපෑලේ ඉහළ නිලධාරීන් ඇතුළු 200 කට අධික පිරිසක් ලෝක තැපැල් දිනය සැමරීමට යාපනයට ගොස් සිටින නිසා තැපෑලේ සිරවී ඇති ලිපි කඩිනමින් බෙදා හැරීමට නොහැකි බවත් ඒ මහතා පැවැසීය.