ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිටින හොඳම පොදු අපේක්ෂකයා තමන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. 

තමන්ට ගැලපෙන සහකරුවෙක් සොයා වසර 6ක් තිස්සේ බලා සිටි කාන්තාවක් තනිවම විවාහ වීමේ පුවතක් ලන්ඩනයෙන් වාර්තා වෙයි.

isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන  ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.

යාල්දේවී දුම්රිය ප්‍රථම වරට යාපනය දක්වා ගමන් කිරීම හෙට(13) ආරම්භවීමට නියමිතව තිබේ. මෙසේ යාල්දේවිය යළි ගමන් අරඹන්නේ වසර 24 කට පසුවය.
කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයින් අතර වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් අර්බුදයක් හට ගෙන තිබේ.
කිසිදු හේතුවක් මත තම දරුවන් මේ දිනවල සබරගමුව විශ්වවිද්‍යාලය වෙත යොමුනොකරන ලෙස එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මව්පියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් ලැජ්ජා වන බවත් ඒ වගේම කෝපයට පත්ව සිටින බවත් ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා සතිඅන්ත පුවත් පතකට ප්‍රකාශ කර ඇත.

මීළඟ ජනාධිපතිවරණයේදී මැතිවරණ ලකුණ ලෙස අලියා ලකුණ වෙනස් කරන්න ඉඩ නොදෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

‘එ.ජා.පය අවසන් වරට තීන්දුවක් අරගත්තා එ.ජා.ප – එ.ජා.ප යම තමයි. ලකුණත් අලියා තමයි.එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ මහා සම්මේලනය, ජාතික විධායක සභාව මේ ගැන තීන්දුව අරගෙන ඉවරයි. මාත් ඉන්නේ ඒ ස්ථාවරයේ තමයි’ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීමට රජය පියවර නොගතහොත් තමන් වහන්සේ ඇතුළු ප්‍රබල ඇමැතිවරු කීප දෙනකු ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක්‌ ගත් බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පවසා ඇත.

ඊයේ (10) රාත‍්‍රී සබරගමුව විශ්වවිද්‍යාලය අසල පඹහින්න මංසන්ධියේ සත්‍යග‍්‍රහයක නිරතව සිටි සරසවි සිසුන්ට ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් කඩු හා පොලූ යොදාගනිමින් අමානුෂික ලෙස පහරදී සත්‍යග‍්‍රහ අට්ටාලය ගිනිතබා තිබේ. මේ හේතුවෙන් සිසුන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

Connet With Us