සරසවි සිසුන්ට එල්ල කළ ආණ්ඩුවේ මැර ප්‍රහාරය හෙළා දකිනවා

Published in පුවත්
Saturday, 11 October 2014 11:59
ඊයේ (10) රාත‍්‍රී සබරගමුව විශ්වවිද්‍යාලය අසල පඹහින්න මංසන්ධියේ සත්‍යග‍්‍රහයක නිරතව සිටි සරසවි සිසුන්ට ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිසක් කඩු හා පොලූ යොදාගනිමින් අමානුෂික ලෙස පහරදී සත්‍යග‍්‍රහ අට්ටාලය ගිනිතබා තිබේ. මේ හේතුවෙන් සිසුන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
 
සිසුන්ගේ සාධාරණ ගැටලූ විසඳීමට කටයුතු කරනු වෙනුවට සිසුන්ට පහරදී අමානුෂික ලෙස විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව විසින් ගන්නා ලද මෙම පියවර අපි දැඩිව හෙළා දකිමු.
සිසුන් විසින් මෙම සත්‍යග‍්‍රහ ව්‍යාපාරය දින 40කට ආසන්න කාලයක් මෙම ස්ථානයේ පවත්වා ගෙන ආවේ තමන්ගේ කැමැත්තෙන් නොවේ. ඔවුන්ට එසේ කිරීමට සිදුව ඇත්තේ බලධාරීන් සිසුන්ගේ එම ඉල්ලීම් නෑසූකන්ව සිටින නිසාය. 
 
පසුගියදා එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයාට එහිදී සිසුන්ගේ විරෝධයට මුහුණ දෙන්නට සිදුවූයේද එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ඉන්පසු ඇමතිවරයා සරසවි බිමේදී ආණ්ඩුව ශිෂ්‍ය ගැටලූවලට‘විසඳුම්’ දෙන ආකාරය ප‍්‍රකාශ කළේය. ඒ, මැතිවරණ නොවේනම් මෙවැනි විරෝධතාවලට ‘සලකනු’ ලබන ආකාරය ඇමතිවරයා ලෙස තමන් දන්නා බව කීමෙනි. මෙය එම ඇමතිවරයාගේ තකතීරු ආකල්පය පමණක් නොවේ; රාජපක්ෂ ආණ්ඩුවේම අදහසය. ඔවුන් කටුණායකදීත් හලාවතදීත් රතුපස්වලදීත් තවත් බොහෝ තැන්වලදීත් විරෝධතාවන්ට මුහුණදීමේ තමන්ගේ ස්වරූපය ප‍්‍රදර්ශනය කළ බව ජනතාවට රහසක් නොවේ.
 
දැන් තමන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා සාමකාමී සත්‍යග‍්‍රහයක නිරතව සිටි සබරගමු සරසවි සිසුන්ට රාත‍්‍රියේ හෙල්මට් පැළඳගත් 40ක පමණ මැර පිරිසක් යොදවා ‘නින්ජා’ පන්නයේ ප‍්‍රහාර එල්ලකිරීමෙන් නැවත වරක් ආණ්ඩුව තමන්ගේ සැබෑ මුහුණුවර පෙන්වා තිබේ. ඒ, මැතිවරණ පිළිබඳ කතාබහක් තිබියෙදීමය. එයින් පෙන්නු කර ඇත්තේ තමන්ගේ මුහුණුවර පෙන්වීමෙහිලා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේද ආණ්ඩුවේද නොඉවසිල්ලය.
 
මේ තත්වය තුළ සරසවි සිසුන්ට පහරදුන් සියලූ දෙනා නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබාදී වහා ගැටලූ විසඳීමට කටයුතු කරන ලෙසත් අධ්‍යාපන බලධාරීන්ට සහ ආණ්ඩුවට අපි බලකර සිටිමු. එසේම ආණ්ඩුවේ මැර මුහුණුවර හඳුනා ගන්නා ලෙසත් එය පරාජය කිරීම සඳහා පෙරට එන ලෙසත් සමස්ත ලාකේය ජනතාවගෙන් අපි මහත්  ඕනෑකමින් ඉල්ලා සිටිමු. 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us