රතන හිමි ආණ්ඩුවෙන් ඉවත්වීමට යයි Featured

Published in පුවත්
Sunday, 12 October 2014 08:03

ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමාකර 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීමට රජය පියවර නොගතහොත් තමන් වහන්සේ ඇතුළු ප්‍රබල ඇමැතිවරු කීප දෙනකු ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක්‌ ගත් බව ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පවසා ඇත.



සිය ස්‌ථාවරය පිළිබඳව ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන් දැනුවත් කළ ද මෙතෙක්‌ ඊට යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණ නිසා මෙම තීරණය ගත් බව උන්වහන්සේ කියා සිටිති.

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය ඉල්ලීම් පිළිගන්නා අපේක්‌ෂකයකුට සහයෝගය දැක්‌වීමට තමා ඇතුළු ඇමැතිවරු පිරිස තීරණය කර තිබෙන බවත් ඒ සම්බන්ධව අවසන් තීන්දුව අනිද්දා (14 වැනිදා) ප්‍රකාශයට පත්කරන බවත් පූජ්‍ය රතන හිමියෝ පවසති.

රටේත්, ජනතාවගේත් යහපත සඳහා විධායක ජනාධිපති බලතල සීමාකරමින් 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යළි ක්‍රියාවට නැංවිය යුතු බවට ආණ්‌ඩුවේ පාර්ශ්වකාර පක්‍ෂයක්‌ ලෙස ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ වැදගත් යෝජනා කිසිවක්‌ පිළිගැනීමට ආණ්‌ඩුව අපොහොසත් වී ඇති බව උන්වහන්සේ පවසති.

මෙවැනි පසුබිමක්‌ තුළ තවදුරටත් ආණ්‌ඩුව ආරක්‌ෂා කරමින් එහි රැඳී සිටීම ජනතාවට කරන ද්‍රෝහිකමක්‌ වන බැවින් තමන් වහන්සේ ඇතුළු ඇමැතිවරු පිරිස මෙම තීරණය ගත් බව පූජ්‍ය රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටිති.

මේ අතර අතුරලියේ රතන හිමියන් සහභාගිත්වය දරන පිවිතුරු හෙටක්‌ ජාතික සභාව අනිද්දා (14 වැනිදා) කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ යෝජනාවලියක්‌ එළිදක්‌වන අතර එම අවස්‌ථාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, එක්‌සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ වමේ පක්‍ෂ නියෝජිතයන් එක්‌වීමට නියමිතය.

එහිදී පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ස්‌වරූපය වෙනස්‌ කිරීම, 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත ස්‌ථාපිත කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීම, ආණ්‌ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්‌ෂක ඇමැතිකම පමණක්‌ භාරදීම හා ඥාති හිතමිත්‍රාදීන්ට තනතුරු දීම අහෝසි කිරිම යන යෝජනා හත ඇතුළත් වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us