News Items (18842)
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ද නතර කිරීමට සිදුව තිබේ.
මහනුවර නගරයේ විලියම් ගොපල්ලව මාවතේදී අද අලූයම සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත.
මීට වසර පනහකට ඉහතදී විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කළ අඹුසැමි යුවළක් ඊයේ (08දා) අනුරාධපුර පිහිටි ශාන්ත ජෝශප් ආසන දෙව්මැදුරේදී චාරිත්‍රානුකූලව නැවතත් විවාහ දිවියට ඇතුළත් වූහ.
විදේශ රටවලට පැන ගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් රැසක් නැවත වරක් ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය ඒකරාශී කිරීමට ක්‍රියා කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමරත්න මෙනවිය ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළාය.
සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ‘වධහිංසාවෙන් නිදහස’ ඇතුළු සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත මණ්ඩලයෙන් ප්‍රශ්න කළ බව ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා දීප්ති වගීෂාගේ උපන්දිනය පසුගිය දිනක දෙහිවල බර්කුඩාහි පැවැත්වුණි. එම උත්සවය සදහා කලාකරුවන් රාශියක් සහභාගී විය.
හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ.
ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඊයේ (07 දා) සිරිකොත පක්‍ෂ කාර්යාලයේදී, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන් අතර, එම අවස්ථාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය.
එප්පාවල කණ්ඩක්කුලම කුඹුක්වැව වෙල්යායේ දී සිදුවු ඇත් පොරයකින් එක් ඇතෙකු මියගොස් ඇත.
