ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ Featured

Published in පුවත්
Thursday, 09 October 2014 10:19

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ‘වධහිංසාවෙන් නිදහස’ ඇතුළු සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත මණ්ඩලයෙන් ප්‍රශ්න කළ බව ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.

ඊයේ බදාදා පැවැත්වුන සැසි වාරයේ දී කරුණු දැක් වූ ‘වධහිංසාවෙන් නිදහස’සංවිධානයේ වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධානී දොස්තර ජුලියට් කොහෙන් කියා සිටියේ, සිදු කෙරෙමින් පවතින වධහිංසා ගැන ඉදිරිපත්ව ඇති ප්‍රබල සාක්ෂි සම්බන්ධයෙන් මානව හිමිකම් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

මානව හිමිකම් මණ්ඩලයේ සභාපති ශ්‍රීමත් නයිගල් රොඩ්ලි අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව තුළ 2011වසර තුළ වධහිංසා සිදු කිරීම් දිගටම සිදු කෙරුණ බව වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට දක්නට ලැබුණ බව සඳහන් කළේය.


සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්

මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 112 සැසි වාරයයි.

ඊයේ නිම වුණේ එම සැසි වාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ පස්වැනි වටය වූ බව, ජිනීවා නගරයේ සිටින මානව හිමිකම් ක්‍රියාධර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා බීබීසී සන්දේශයට කියා සිටියේය.


එක්සත් ජාතීන්ගේ මෙම මානව හිමිකම් කමිටුව සලකා බලන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ඒ ඒ රටවල් විසින් ක්‍රියාවට නංවනු ලබන්නේ කෙසේද යන්න බවත් සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වලට අදාළ ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් කමිටුව ඉදිරියේ සාකච්ඡා කෙරුණ අතර ආණ්ඩුවේ නියෝජිතයන් රට තුළ එවැනි ප්‍රශ්න නොමැති බව පැහැදිලි කරනු ලැබීමට දීර්ඝ කාලයක් ගත් නමුත් එක්සත් ජාතීන්ගේ කමිටු සාමාජිකයන් ශ්‍රී ලංකාවේ තත්වය ගැන ගැඹුරින් හදාරා තිබුණ ආකාරයක් දක්නට ලැබුණ බව සුනන්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

පැය හතළිස් අටක්


මෙතෙක් පිළිතුරු නොදුන් ප්‍රශ්න වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට පැය හතළිස් අටක කාලයක් ලැබෙන බව සඳහන් කරන සුනන්ද දේශප්‍රිය මහතා, ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙන කමිටු නිර්දේශ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳී සිටින බවත් සඳහන් කරයි.

එම පියවර නොගත්තොත් තවත් අවුරුදු පහකට පසුව මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේ තවත් බරපතළ චෝදනා පත්‍රයකට පිළිතුරු දීමට වන බවත් ඔහු පෙන්වා දෙයි.


(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us