'සජිත්, රනිල්ගේ කකුලෙන් අඳිනවා' - ෆොන්සේකා Featured

Published in පුවත්
Thursday, 09 October 2014 10:26

සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරයි.

 සිය පක්ෂයේ නායකයාගේ 'කකුලෙන් අදින ආකාරයට' තම  පක්ෂයේ කටයුතුද අඩාල කිරීමට උත්සාහ නොකරන මෙන් ෆොන්සේකා මහතා ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේය.


ෆොන්සේකා මහතා එබව සඳහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

"මහත්මා දේශපාලනයක් කරන්න කියලා අපි එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන්ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



'රනිල්, මගේ සහාය ඉල්ලුවා'

  
එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහායද අපේක්ෂා කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි කරන ලදැයි ද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය. 

තවමත් නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවති නමුත් එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විරුද්ධ පක්ෂ වරින් වර නිල නොවන ආකාරයෙන් සාකච්ඡා පවත්වන බව සඳහන කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, රට බේරා ගැනීම විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල අරමුණ බවත් සඳහන් කළේය.

"ඒ අරමුණේදී යම් යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු පියවර කවරක් දැයි පක්ෂය තවමත් අවසාන තීරණයකට එළැඹි නොමැති බවත් සරත් ෆොන්සේකා කියා සිටියේය.

වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දීම මගින් සිය පක්ෂයේ පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙන බව කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, එසේ පසුබෑමක් ඇති නොවන්නේ නම් පක්ෂය පොදු අපේක්ෂකයකුට සහාය දීමට ඉඩ තිබෙන බව සඳහන් කළේය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us