පන්දු යවන්නන්ට එල්ල වන චෝදනා කුමන්ත‍්‍රණයක්' -විවියන් රිචඞ්ස්

Published in ක්‍රීඩා
Wednesday, 08 October 2014 16:34

ඉතා කෙටි කාලයක් තුළ පන්දු යවන්නන් කිහිපදෙනෙකුටම පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා එල්ල වීම සැකයට කරුණක් බව ශ‍්‍රීමත් විවියන් රිචඞ්ස් පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් බිහිවු කීර්තිමත් ක‍්‍රීකට් ක‍්‍රීඩකයෙකු වන ඔහු කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ එලෙස චෝදනාවට ලක්වු සෑම පන්දු යවන්නෙකුම පාහේ ඉතා හොඳින් දක්‍ෂතා දක්වන්නන් බවයි.

එළඹෙන එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් එම පන්දු යවන්නන් ක‍්‍රීඩාවෙන් ඉවත් කිරිමට කිසියම් පිරිසකට උවමනා කර ඇත්දැයි ඔහු වැඩිදුරටත් සැක පළ කළේය. 


ශ‍්‍රී ලංකාවේ සචිත‍්‍ර සේනානායක, පාකිස්තානයේ සහීඞ් අජ්මාල් හා මොහොමඞ් හෆීස්, බංග්ලාදේශයේ අලාමීන් හුසේන් සහ බටහිර ඉන්දීය කොදෙව් හී සුනිල් නරීන් චෝදනාවට ලක්වු පන්දු යවන්නන්ය.

 සුනිල් නරීන්ට එරෙහි චෝදනාව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ඉන්දීය තරගාවලිය ඉලක්ක කර ගෙන සිදුවුවක් විය හැකි බවද ශ‍්‍රීමත් විවියන් රිචඞ්ස් මෙහිදී කියා සිටියේය.

මේ අතර ඉන්දියාවේ හිටපු ක‍්‍රීකට් ක‍්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් පවසන්නේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත සියලූ පන්දු යවන්නන් වහාම ක‍්‍රීඩාවෙන් ඉවත් කළ යුතු බවයි. 

එසේ නොමැතිව එවැනි පන්දු යවන්නන් සම්බන්ධයෙන් දිගින් දිගටම පරික්‍ෂණ සිදු කිරීම අවශ්‍ය නොවන බවද ඔහු කියා සිටියි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us