News Items (18842)
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සෝභිත හිමියන් ද නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා දැයි නිශ්චිතව පවසන්නේ නම් ඒ සඳහා බොදුබල සේනාව ප්‍රතිචාර දක්වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
2015 වසරට අදාළ අය වැය ලේඛණය මේ මස 24 වැනිදා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එළඹෙන ජනාධිපතිවරණයේ වමේ පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව දුමින්ද නාගමුව සදහන් කර සිටි.
තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ඊයේ (7 දා) ප්‍රතික්‌ෂේප කළේය.
විදේශිකයකු වූ එල්ෆින්ස්‌ටන් සාමිවරයා නමින් මෙතෙක් නම් කොට තිබෙන කොළඹ එල්ෆින්ස්‌ටන් රංගශාලාව නව ප්‍රතිසංස්‌කරණ කටයුතුවලින් පසුව ගාමිණී ෆොන්සේකා අනුස්‌මරණ රංග ශාලාව ලෙස නම් කිරීමට නියමිත බව සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවසීය.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් භාර ක්‍රීඩා සංගම් වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.
දකුණු ආසියාතික රටවල් වල විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවෙන් ඉදිරිපත් කරන colombo fahion week විලාසිතා දැක්ම පසුගියදා මීගමුව Jet Ving හෝටලයේ වෙරළ තීරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. එය ලංකාවේ පැවැත්වෙන දැවැන්තම විලාසිතා දැක්මයි.
