'අතුරුදහන්වීම් වලට ක්‍රීඩා සංගම් වගකිව යුතුයි' Featured

Published in පුවත්
Wednesday, 08 October 2014 10:33

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් භාර ක්‍රීඩා සංගම් වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ බීච් වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් දකුණු කොරියාවේදී අතුරුදහන් වූහ.

‘ඒකට අදාළ ක්‍රීඩා සංගම් වගකීම බාර ගත යුතුයි. ක්‍රීඩා සංගම් සමග ගිය නිලධාරියා ඒ වගකීම බාර ගත යුතුයි. අපි ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් සිදු කරනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළේය.

තරගාවලියට සහභාගි වීම සඳහා ආරම්භයේදී හොකී සංගමයට අවසර ලබා නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.

‘හොකී සංගමය ගැන කතා කරනවාට වඩා හොදයි කතා නොකරන එක. මම ඒගොල්ලන්ට යන්ඩ දුන්නේ නැහැ. නමුත් මෙතන ඇවිල්ල බලහත්කාරයෙන් අඬලා ඔලිම්පික් සංගමයෙන් ලියුමක් අරන් ඇවිල්ල ගියේ. අන්ත පරාජයක් අත් වුණේ. ගෝලයක් ගැහුවේ නැහැ’ යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.


ජපානයේදීත්


පසු ගියදා ජපානයේ පැවති ආසියානු ප්‍රවීණයන්ගේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් විස්සකට ආසන්න පිරිසකගේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළේය.

‘අපිට එකේ වගකීම බාර ගන්න බැහැ. අපි හරහා නෙවෙයි ගියේ. ඒකට අපේ අනුමැතියක් නැහැ. පැහැදිලිව මුදල් එකතු කරලා වංචාවක් සිදු වෙලා තිබෙනවා’ යනුවෙන් ඔහු පැවසීය.

මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙල්දී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට කිසිදු පදක්කම් දිනා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.

(බිබිසි) 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us