සජින් හා ක්ෂෙනුකා ගේ වැඩ තහනම් කළ යුතුයි - රජීව Featured

Published in පුවත්
Tuesday, 07 October 2014 10:39

බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය පැවැත්වීමට ප්‍රථම සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් කළ යුතුව තිබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා 'බීබීසී සංදේශයට' පැවසීය.

විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ නමද සිදුවීමට සම්බන්ධ වී තිබෙන බැවින් පරීක්ෂණය අවසාන වන තුරු විදේශ ලේකම්වරියගේද වැඩ තහනම් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගතයුතුව තිබුණු ඥානාන්විත පියවර බවද ඔහු කියා සිටියේය.

පසුගිය සැප්තැම්බර් 24 වැනි දින නිවුයෝක් නුවර පැවති සාදයකදී විදේශ අමාත්‍යංශයේ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව හිටපු මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පවසයි.

ඒ පිළිබඳව තමන් එදිනම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවද දොස්තර නෝනිස් මහතා සඳහන් කරයි.

'පහර දුන්නේ නෑ'


කෙසේ නමුත් තමන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූ නමුත් තමා දොස්තර නෝනිස් මහතාට පහර නොදුන් බව, සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා 'නිවුස්ෆස්ට්' නාලිකාවට පවසා තිබිණ.


සමස්ත සිදුවීම ශ්‍රී ලංකාවට බරපතල කැළලක් බව පවසන මහාචාර්ය රජීව විජේසිංහ, ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවට අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාට තීරණ ගැනීමේ සම්පූර්ණ බලතල හිමිවීම හමුවේ අමාත්‍යංශයේ විනය සහ සියලු කටයුතු අඩපණ වී තිබෙන බවත් සඳහන් කරයි.

රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු උගත්, බුද්ධිමත් තානාපතිවරුන් ඉවත්කොට ජාත්‍යන්තර තලයේ ජනාධිපතිවරයා කොන් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් පිළිබඳව මීට වසරදෙකකට ඉහතදී තමන් ලියූ ලිපියක අඩංගු වූ කරුණු දැන් සනාථ වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

විශේෂයෙන්ම විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සම්බන්ධතා කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබෙන බවට මීට පෙර තමන් කරුණු සහිතව පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.


'කේලම් කිවුවා'


ඉන්දියාවේ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරියකව සිටියදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඇය මුණනොගැසෙන මෙන් විදේශ ලේකම්වරිය ජනාධිපතිවරයාට බලපෑම් කිරීම ඒ පිලිබඳ ආසන්තම උදාහරණයක් බවද මහාචාර්ය විජේසිංහ මහතා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

"කේලම් කිවුව ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා එයාව බලන්නේ නැතුව ඉන්න හැදුවා,"යනුවෙන්ද ඔහු පැවසීය.

මේ තත්වය යටතේ දොස්තර නෝනිස්ට පහරදීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ අනෙක් අභ්‍යන්තර පරීක්ෂණ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය බිද වැටීමටද හේතුවිය හැකි බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

ඔහු නගන චෝදනා පිළිබඳව විමසීම පිණිස සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ඇමතීමට බීබීසී සංදේශය උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නොමැත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us