ජයලලිතාට මොන ඇපද?

Published in පුවත්
Wednesday, 08 October 2014 10:37

තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ඊයේ (7 දා) ප්‍රතික්‌ෂේප කළේය.

දැඩි ආරක්‌ෂක විධිවිධාන යටතේ ඊයේ කර්ණාටක මහාධිකරණය ජයලලිතා ජෙයරාම්ගේ ඇප අයෑදුම්පත විභාගයට ගන්නා ලදී. බැංගලෝර් විශේෂ අධිකරණය ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ජයලලිතා ජෙයරාම්ට වසර 04 ක සිර දඬුවමක්‌ නියම කරනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික වත්කම් ප්‍රමාණයක්‌ නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගැනීමේ චෝදනා මතය.

වසර හතරක සිර දඬුවමට අමතරව ජයලලිතාට ඉන්දීය රුපියල් කෝටි සියයක දඩයක්‌ද නියම කරනු ලැබිණි.

මෙම නඩු විභාගය මහාධිකරණ විනිසුරු ඒ. වී. චන්ද්‍රශේඛරාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගන්නා ලදී.

ජයලලිතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාම් ජෙත්මලානි ප්‍රකාශ කර සිටියේ 66 හැවිරිදි තම සේවාදායිකාව දියවැඩියාව, රුධිර පීඩනය සහ කොන්දේ අමාරුවෙන් පෙළෙන බැවින් සෞඛ්‍ය හේතුන් සලකා ඇයට ඇප නියම කරන ලෙසයි.

ඇප ලබාගැනීමට ඕනෑම කොන්දේසියකට යටත්වීමට සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කළේය. ජයලලිතාගේ නීතිඥයා විනාඩි 90 ක්‌ තිස්‌සේ අධිකරණය හමුවේ කරුණු දැක්‌විය.

කෙසේ නමුත් රජයේ නීතිඥ ජී. භවානි සිං හිටපු මහ ඇමැතිනියට ඇප ලබාදීමට විරුද්ධ විය. මේ අතර ඊයේ මෙම තීන්දුව දීමට ටික වේලාවකට පෙර කර්ණාටක මහාධිකරණය ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදුන් බවට ආරංචියක්‌ පළවීම නිසා තමිල්නාඩුවේ ඇගේ ආධාරකරුවෝ මහත් උද්දාමයට පත්වුවත් නොබෝ වේලාවකින්ම එය වැරදි ආරංචියක්‌ බව හෙළිවිය.

ජයලලිතාට ඇප ලැබුණු වැරදි ආරංචියත් සමග සමහරු ඇගේ නිවස අසලදී රසකැවිලිද බෙදා දුන්හ.

පසුව ඇයට ඇප නොලැබුණු බව ආරංචි වූ විට ඔවුහු මහපාරේ වාඩිවී උද්ඝෝෂණය කරන්නට වූහ.

(දිවයින)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us