දු‍ටුගැමුණුට අඳින කෙනාට අපේ සහය - බොදුබල සේනා

Published in පුවත්
Wednesday, 08 October 2014 10:48

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සෝභිත හිමියන් ද නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා දැයි නිශ්චිතව පවසන්නේ නම් ඒ සඳහා බොදුබල සේනාව ප්‍රතිචාර දක්වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

ඥානසාර හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) බොදුබල සේනා මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
 
ප්‍රධාන විපක්ෂය සමග බොදුබල සේනා ප්‍රතිපත්ති සම්බන්ධව පසුගිය දා පැවැති සාකච්ඡාවල දී එකඟතාව දැක්වීම සම්බන්ධව කොළ එළියක් දැල්වී ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
 
බොදුබල සේනාව ක්‍රියාත්මක කරනුයේ දුටුගැමුණු රජතුමා තම සේනා සංවිධානය කළ බෞද්ධ ක්‍රමවේදයට අනුගතව යමින් රට එක්සේසත් කිරීමයි. ඒ අනුව තම ප්‍රතිපත්තිවලට අනුගත වන ඕනෑම පක්ෂයකට තම සහයෝගය ලබාදෙන බව ද ඥානසාර හිමියෝ පැවසූහ.
 
“අපි කවුරුවත් ගාවට ගිහින් අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නැහැ.  ඉල්ලීමට අනුව සැපයුම ලබාදෙනවා. විපක්ෂය හෝ වේවා ආණ්ඩුව හෝ වේවා ඕනෑම කෙනෙක් සමග සාකච්ඡා කිරීමට සූදානම්. එසේ ප්‍රතිපත්තිවලට එකඟතාව පළකරන්නේ නොමැති නම් ඒ හිඩැස සඳහා කවුරුන් හෝ ඔසවා තැබිමට බොදුබල සේනාව සූදානම්.” යැයි ද ඥානසාර හිමියෝ කීහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us