විජිත -අජිත්- අර්ජුන පොලීසිය සමඟ සමතයකට

Published in පුවත්
Wednesday, 08 October 2014 10:41
ගාල්ලේ පැවැති විරෝධතා රැස්වීමකදී පොලිසිය අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් ,අජිත් කුමාර සහ අර්ජුන රණතුංග මහත්වරුන් ඇතුඵ හය දෙනකු පවරා තිබූ පෙත්සමක් ඊයේ (7)ඉල්ලා අස් කැර ගත්තේය.
අග විනිසුරු මොහාන් පීරිස් , බුවනෙක අලුවිහාරේ සහ සරත් ද ආබෲ යන ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම කැඳවිණි. ගාල්ල පොලිස් අධිකාරි සිරිසේන කුමාර, පොලිස් පරීක්ෂක ආරි‍යසේන , උප පොලිස් පරික්ෂක ඩයස්,කොස්තාපල්වරුන් වන බණ්ඩාරියගොඩ සහ මෙන්ඩිස් මහත්වරුන්ද ‍පොලිස්පතිවරයා සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ඉදිරිපත් කැර තිබිණි.
 
සියලුම පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි විජිත හේරත් මහතාට වගඋත්තරකරුවන් අතට අත දීමෙන් පෙත්සම සමථයකට පත් කැර ගැණිනි. ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කරුවන්ට එරෙහිව පැවැත්වෙන නඩුව අවසන් කිරිමට නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතීඥ ලක්මිණි කරුණානායක මහත්මිය එකඟ වූවාය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මගින් 2010 ජූලි 12 වැනි දින ගාලු නගරයේදී සංවිධානය කොට තිබූ විරෝධතා ව්‍යාපාරයේදී පොලිසියේ රාජකාරියට හා සාමයට බාධාවන අයුරින් හැසිරීම, පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ලකොට පොලිස්‌ ජීප් රථයට පහරදී අලාභහානි කිරීම අයුතු ජනරාශියක සාමාජිකයන්වීම ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව  සැකකරුවන් 14 දෙනකුට එරෙහිව පොලිසිය මගින් නඩු පවරා තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us