උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇති බැවින් නැවත දැනුම්දෙන තෙක් දරුවන් විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමෙන් වැළකිය යුතු බවයි.
විරෝධතාවයේ යෙදුණු ශිෂ්‍යයන් පිරිසකට ඊයේ(11) එල්ල වුණු ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද උපකුලපතිවරයා සඳහන් කළේය.
මේ අතර අද උදෑසන වන විට පුද්ගලයින් විසි දෙනෙකුගෙන් පමණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.