ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයන තහනම් කරන ලෙස යුරෝපා කොමිසම යෝජනා කර තිබේ.

පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් විය.

ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ අවධාරණය කර සිටිති. 

පාසල් සිසුන් 09 දෙනෙකුට මත්පැන් පොවා ඔවුන්ව අපයෝජනයට ලක්කර ඇති බව කියන නැටුම් ගුරුවරයෙකු පිටබැද්දර පොලිසිය විසින් අද(14) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනින් වන  සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න  ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා විනිසුරු අයිවන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද (14) බේරුම් කර ගත්හ.

පොටෑසියම් අධික ප්‍රමාණයෙන් එන්නත්කොට රෝගීන් 38 දෙනෙකු මරා දැමූ හෙදියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. Daniela Poggiali නම් මෙම හෙදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රෝගොයෙකු අසාමාන්‍යය ලෙස මිය යාමත් සමගය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහල නැංවීම, ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, පාඨමාලා කප්පාදුවට එරෙහිව අද(14) එහි ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මහජන විරෝධතා බැනරයක් අත්සන් කිරීම නුගේගොඩ නගරයයේදී සිදුකරන ලදී.

දීර්ඝ කාලයක් පුරා පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටින ලෝක බොක්සිං වළල්ලේ හිටපු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා වන මොහොමඩ් අලිගේ තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ඔහුගේ ‍සොයුරු රහ්මාන් අලි පවසයි.72 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් අලිගේ ජීවිත කතාව අළලා සැකසුණු 'අයි ඈම් අලි' චිත්‍රපටය මේ වසර අවසානයේ හොලිවුඩ් තිරයේ දිග හැරෙන අතර ඒ සඳහා ඔහුගේ සහභාගීත්වය ද සැක සහිත බව රහ්මාන් අලි වැඩි දුරටත් පවසයි.

රාජ්‍ය අංශ, පෞද්ගලික අංශ සහ වතු ක්‍ෂෙත‍්‍රවල සිටින සියලූ සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනිමේ අරගලයේ තවත් එක් පියවරක් ලෙස අත්පත‍්‍රිකා දස ලක්‍ෂයක් රට පුරා බෙදා හැරීම අද දින කොළඹ කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී ආරම්භ විය. ජාතික වෘත්තීය සමිත මධ්‍යථානයට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙය සිදු කරනු ලැබු අතර එහි දී සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ ආණ්ඩුව රටේ ආර්ථකයට 80 % ක දායකත්වය සපයන පෞද්ගලික අංශ සේවක අමතක කොට ඉදිරියේ දී කිසිදු ජාතික මැතිවරණයක් නොපවත් වන ලෙසත් එස් සිදු කළ හොත් ආණ්ඩුව ගෙදර එළවීම දක්වා තම සටන ඉදිරියට ගෙන යන බවය.

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කරන්නේ මෙම ජනාධිපතිවරණය කැඳවීමේ අරමුණ වී ඇත්තේ තනි පුද්ගලයෙකුගේ තනි පවුලක බලයට තිබෙන කෑදරකමට තවත් වසර හයක් පාලන බලය සාක්කුවේ දමාගන්න දරන උත්සාහයක් බවයි.

2014 ජූනි මාසය වන විට 4 දෙනෙකුගෙන් යුත් පවුලක මාසික ජීවන වියදම රු. 50792/- ක් දක්වාඉහළ ගොස් ඇත.

Connet With Us