ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර නීත්‍යානුකූල පාරක එන්න

Published in පුවත්
Tuesday, 14 October 2014 13:25

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රකාශ කරන්නේ මෙම ජනාධිපතිවරණය කැඳවීමේ අරමුණ වී ඇත්තේ තනි පුද්ගලයෙකුගේ තනි පවුලක බලයට තිබෙන කෑදරකමට තවත් වසර හයක් පාලන බලය සාක්කුවේ දමාගන්න දරන උත්සාහයක් බවයි.

රටේ නීති විශාරදයින් නීතිය පිළිබඳව හොඳින් දන්නා හිටපු අග විනිසුරුවරයාත් මහින්දට තුන්වරක් ඉදිරිපත්වීමට නීති ප‍්‍රතිපාදනයක් නැහැ යනුවෙන් පැහැදිලි තර්කයක් ගෙන එයි. එය අපගේ ද විශ්වාසයයි යනුවෙන් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. ඒ නිසාම ජනාධිපතිවරණය නීති විරෝධී ඡන්දයක් වන බව ඔහු පවසයි.

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද 69,000ක් සහ මන්තී‍්‍රවරු 7ක් අඩු වීම සමග බදුල්ලේ ඡන්ද ප‍්‍රතිශතය 48%ට වැටුණ බැවින් එනිසා රාජපක්‍ෂවරු බයවී තිබෙන බව පැවසුවේය.

''නීතිය නොසලකන ඒකාධිපතියන් බිහි වුණොත් ඔහු මුළු පාලනයම ගෙනියන්නේ නීතිය පැත්තකට දාලයි. නීතිය නොසලකන එක මේ ආණ්ඩුවට මෝස්තරයක් වෙලා. නීතිය කඩන්න ඇබ්බැහි වෙලා. රාජපක්‍ෂවරු මැතිවරණ නීති කඩනවා. ඔවුන් නීතිය අතේ තියාගෙනයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි මැතිවරණ නීති නොසලකා ගෝඨාභය රාජපක්‍ෂ මැතිවරණ වේදිකාවට නගින්නේ. රටේ පළමු පුරවැසියා මූලික නීතිය කඩකරනවා නම් අතපය බැඳගෙන ඉන්න අපි සූදානම් නැහැ. එහෙම ආවොත් කරන්න තියෙන දේ අපි ඒ වෙලාවට තීරණය කරනවා. ඒ නිසා අපි ජනාධිපතිට කියනවා නීත්‍යානුකූල පාරක එන්න කියලා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න එපා. නීති කඩන්න එපා. ආණ්ඩුවට 2/3 තියෙන නිසා අඩුපාඩු හදලා ව්‍යවස්ථාව සම්මත කරගෙන එන්න. ''

මෙම තත්වය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ විශාල වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක කරන බව ටිල්වින් සිල්වා මහතා පැවසුවේය. මෙම අවස්ථාවට ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ද සහභාගි විය.

{soundcloud}https://soundcloud.com/lankadaily/press-conference-on-13102015{/soundcloud}

Last modified on Tuesday, 14 October 2014 14:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us