නීති සකස් කර අයවැයෙන් පෞද්ගලික අංශයට වැටුප් වැඩිකරන්න

Published in පුවත්
Tuesday, 14 October 2014 14:00
රාජ්‍ය අංශ, පෞද්ගලික අංශ සහ වතු ක්‍ෂෙත‍්‍රවල සිටින සියලූ සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනිමේ අරගලයේ තවත් එක් පියවරක් ලෙස අත්පත‍්‍රිකා දස ලක්‍ෂයක් රට පුරා බෙදා හැරීම අද දින කොළඹ කොටුව දුම්රිය මූලස්ථානය ඉදිරිපිට දී ආරම්භ විය. ජාතික වෘත්තීය සමිත මධ්‍යථානයට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙය සිදු කරනු ලැබු අතර එහි දී සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේ ආණ්ඩුව රටේ ආර්ථකයට 80 % ක දායකත්වය සපයන පෞද්ගලික අංශ සේවක අමතක කොට ඉදිරියේ දී කිසිදු ජාතික මැතිවරණයක් නොපවත් වන ලෙසත් එස් සිදු කළ හොත් ආණ්ඩුව ගෙදර එළවීම දක්වා තම සටන ඉදිරියට ගෙන යන බවය.
මෙම අවස්ථාවෙදී  දී මාධ්‍යවෙත අදහස් දැක්වු වසන්ත සමරසිංහ මෙසේ කියා සිටියේය.
 
''2005 අංක 36 අයවැය සීමා පනත හඳල පෞද්ගලික අංශ සේවකයන් රු.1000 වැටුප් වැඩි කරේ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ආණ්ඩුවේ ඉදිද්දී. ඉන් පසු වැටුප් වැඩි කර ගත්තේ වෘත්තීය සමිති සටන් අරගලවල ප‍්‍රතිඵල හැටියට. රාජ්‍ය අංශයේ සේවකයාගේ වැටුප රුපියල් 22000 කට ආසන්න වෙද්දී පෞද්ගලික අංශ වල සේවකයන්ට පඩි පාලක සභා වල වැටුප තිබෙන්නේ 9625යි. අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, නෙත් දීමනා ලෙස ගත් විට පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 85% තිබෙන්නෙ රුපියල් 15000 කට අඩු වැටුපක්. ඒ නිසා අපි අන්තර් සමාගම් සේවක සංගමය ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් සමඟ එක්ව මේ වැටුප් සටන ඇරඹුවේ. හතර දෙනෙක්ගෙන් යුත් පවුලක බඩු මල්ල රුපියල් 51354යි 2014 අගෝස්තු වන විට. ජනපති තමන්ගේ වැය ශීර්ෂයෙන් කෝටි 105 කින්  20% කින් ඉහළ නංවා ඇත.'' ඒ වැඩිවීම පෞද්ගලික අංශයේ සේවකයාට, වතු ක්‍ෂෙත‍්‍රයේ සේවකයාට ලබා දීමට කටයුතු නොකරන්නේ මන්දැයි ඔහු විමසුවේය.
 
'' අයවැය ළං වෙනවා, ජනාධිපතිවරණයක් පිළිබඳ සාකච්ඡාවක් රටේ මතුවී තිබෙනවා, එම නිසා ආණ්ඩුව දැන් ජනතාවට කැරට් අල දීමට පටන්ගෙන තිබෙනවා. අපි ඉල්ලන්නෙ කැරට් අල නෙවෙයි.  2005 පසු රුපියල් 26000 කින් ඉහල ගිය ජීවන වියඳමට සරිලන වැටුප් වැඞීවීක් ලබා දෙන්න කියායි. අසාධාරණ ලෙස බදු ගහල, දඩ ගහල, ජීවන විඳම වැඩි වෙද්දී වැටුපෙ මූර්ත වටිනාකම අඩුවෙලා. රුපියල් 1000 ට ගත්ත බඩු මල්ල අද ගන්න රුපියල් 2000 ක්  ඕන වෙලා. එහෙම තියෙන් දී ආණ්ඩුවට කැරට් අල පෙන්ව පෙන්ව මේ ගමන යන්න බෑ.  රටේ ආර්ථිකයේ එන්ජිම පෞද්ගලික අංශ  සේවකයා  අමතක කරල ජනාධිපතිවරණ තියන්න බලාපොරොත්තු වෙන්න එපා. එම නිසා වහාම නීති හඳල, හම්මුතුන්ට සහන දීලා, පාර්ලිමේන්තුවට නීතියක් ගෙනල්ලා, 2005 අංක 36 අයවැය සහන දීමනා වැටුප් වැඩි කිරිමේ පනත වගේ වහාම නීතියක් සකස් කළ යුතුයි.  එහෙම සකස් කරල පෞද්ගලික අංශ සේවකයාට වැටුප් වැඩි කරන්න කටයුතු කරන්න  ඕන. එහෙ නොකළොත් මෙරට පෞද්ගලික අංශ සේවකයා, රාජ්‍ය අංශ, වතු සේවක, අනෙකුත් වැවිලි අංශවල සියලූ සේවකයින් ඒකාබද්ධව වැටුප් වැඩ කර ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යනවා. ''
 
මේ මස 20 වැනි දින කොළඹ කොටුවම මෙරට වැඩ කරන ජනතාවගෙන් පුරවන බවත් එදිනට  ඇත්ත ඉල්ලිම් වලින් පිරිය යුතු බව ආණ්ඩුවට බල කර කියන බවත් ඔහු පවසයි. ඒ සඳහා වැඩ කරන ජනතාව පෙළ ගස්වන්න පත‍්‍රිකා දසලක්‍ෂයක් බෙදා හැරීමේ ව්‍යාපාරය අද කොළඹ කොටුවෙන් ඇරඹේ. මෙය හැම නගරයකම, හැම වැඩ බිමකම බෙදන අතර  වැඩ කරන ජනතාවගේ ඉල්ලිම් ලබා නොදුනහොත් එළඹෙණ ජාතික මැතිවරණයක දී ගෙදර යාමට සැරසෙන්න යනුවෙන් වසන්ත සමරසිංහ ප‍්‍රකාශ කර සිටියේය.
 
මෙම අවස්ථාට එම සංගමයේ සාමාජිකයින් පිරිස්  ද සම්බන්ධ විය.

 

Last modified on Tuesday, 14 October 2014 14:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us