සුරූපී බොලිවුඩ් නිළි දියා මිර්සා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන  සාහිල් සන්ගා සමඟ ඊයේ (18) අතිනත ගෙන යුග දිවියට පානැගුවාය.
වෙන ම රාජ්‍යයක් උදෙසා, තුර්කියෙන් වෙන් වී සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි.

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවට බියක් ඇතිකර ගත යුතු නැති බවත්, තමා යලි ජනාධිපති ලෙස පත්වූ විට  ජනමත විචාරණයක් පවත්වා මහ මැතිවරණය කල් දැමීමට වුවද හැකියාවක් පවතින බවත්  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ දෙමළ ජනතා සතුව තිබී රජය විසින් අත්පත් කරගත් රන් භාණ්ඩ නිසි ලෙස ආපසු දෙමළ ජනතාවට ලබාදී නැතැයි දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අළුත්වීර මහත්මිය කපා කොටා මරා දමන බවට රෝහලේ ඉදිකිරිම් කටයුතු වල නිරතව සිටි රුවන් නැමති කොන්ත්‍රාත්කරුවෙකු විසින් තර්ජනය කර ඇතැයි වාර්ථා වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පඹහින්න මංසන්ධියේ ඉදි කර ඇති සත්‍යග‍්‍රහ අට්ටාලය ඊයේ  පස්වරුවේ පොලීසිය විසින්  ඉවත් කිරීමට පියවර ගත්හ.  ඒ,  බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනූවය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිවේදීන්ගේ බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ වැදිය නොහැකි බව ප්‍රකාශ කරති.

නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා යෞවන සම්මාන උළෙල, යෞවන ක්‍රීඩා උළෙල හා ආබාධිත යෞවනයන් වෙනුවෙන් පවත්වාගෙන ආ සිහිනය නම් වැඩසටහන් සඳහා  වෙන්කර තිබූ මුදල්  යොදවා ඇති අතර එම වැඩසටහන් මෙම වර්ෂයේදී නොපැවෙත්වෙන බව අනාවරණය වේ. 
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි ක‍ඩයෙන් උපාධි ලබාගන්නා කිසිවෙකු ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුස්සන් නොවන බවට පසුගියදා පළවූ සෞඛ්‍ය අමාත්‍යංශ ගැසට් නිවේදනයකින් කියැවිණි.

Connet With Us