News Items (18842)
ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියක වු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ සාමාගමක හිමිකරුවෙකුට සිය නිළ නිවස අලූත්වැඩියා කිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වන චෝදනා රජය ප‍්‍රතික්ෂේප කරයි.
'පන්දම' ඡන්ද ලකුණ සහිත සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය එළැඹෙන ජනාධිපතිවරණයට සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ආණ්ඩුවේ පාර්ශව කරුවෙක් වන ජාතික හෙළ උරුමය හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා බිඳවැටී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
ප්‍රංශ තෙල් සමාගම් ප‍්‍රධානියා ගුවන් අනතුරකින් මරුට.
සෑම මිනිත්තු 5 වරක් ළමුන් ප්‍රචණ්ඩත්වයෙන් ජීවිතක්ෂයට.
මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර තිබේ.
