මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිවරියට මරණ තර්ජන

Published in පුවත්
Sunday, 19 October 2014 09:56

මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අළුත්වීර මහත්මිය කපා කොටා මරා දමන බවට රෝහලේ ඉදිකිරිම් කටයුතු වල නිරතව සිටි රුවන් නැමති කොන්ත්‍රාත්කරුවෙකු විසින් තර්ජනය කර ඇතැයි වාර්ථා වේ.

රෝහලේ ගැබිනි වාට්ටුව අසල වැසිකිලයක් ප්‍රතිසංස්කරණය කිරිම මේ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පැවරි තිබුණ වගකිමයි.

ඔහු විසින් මේ කටයුත්ත නිසි ප්‍රමිතියකට සිදුකර නොමැත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මතුව තිබු ගැටළු අරභයා වෛද්‍ය අධිකාරිවරියට  ප්‍රසිද්ධියේ පැවසිමට පවා නොහැකි අන්දමේ අසික්කිත වචන වලින් බැන වැදි ඇති මේ තැනැත්තා පිළිබදව වෛද්‍ය චම්පා අළුත්විර මහත්මිය විසින් මීගමුව පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇත.

මේ බරපතල මරණිය තර්ජනයට එරෙහිව ඊයේ  මීගමුව රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලයම එකාවන්ව විරෝධතාවයක් පැවැත්විමට සුදානමින් සිටියද මේ හේතුවෙන් අසරණ රෝගින් හට ඇතිවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන එසේ නොකරන්නට තින්දු කළ බව වෛද්‍යවරුන් මාධ්‍යෙව්දින් හමුවේ පවසා සිටියහ.

කෙසේ වෙතත් රෝහලේ ප්‍රධානියා වෙත එල්ලව ඇති මේ මරණ තර්ජන හමුවේ ඒ සියළු දෙනා ආරක්ෂාකරන්නට මීගමුවේ සාමය හා ක්‍රමවත්බව ස්ථාපිත කරන්නට බැදි සිටින ආයතන මෙන්ම සමස්ථ සමාජයද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ව්‍යෛකාර්ය මණ්ඩලය එකාවන්ව යළිත් අවධාරණය කර සිටියහ.


කෙසේ වෙතත් කාටත් විශ්මය දනවමින් මේසා බරපතල චෝදනා රැසකට මුල් ව ඇති  මේ කොන්ත්‍රාත්කරුවෙත පොලිසිය විසින් අධිකරණය මගින් ඇප ලබා දි ඇත..වාර්ථා වන අන්දමට මේ කොන්ත්‍රාත්කරු මීගමුවේ ප්‍රබල දේශපාලන පවුලක සමිපතයෙක් බවද සැලය

(meepura.com)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us