ප‍්‍රංශය සසල කල ජිහාඞ් ප‍්‍රදර්ශන

Published in පුවත්
Saturday, 18 October 2014 12:30

අද ප‍්‍රංශ මාධ්‍ය ශබ්ද කෝෂයේ කියවීමට, ඇසීමට, දැකීමට ලැබෙන ප‍්‍රධාන වචනය බවට පත්වී ඇත්තේ ජිහාඞ් සංවිධානයයි. එම සංවිධාන ප‍්‍රංශයට විශාල තර්ජනයක් වන තරමට කටයුතු සිදුවෙමින් ප‍්‍රශ්නය උග‍්‍රවී ඇති හෙයින් ජිහාඞ් සංවිධාන ගොඩ නගන ඉස්ලාම් අන්තවාදි තස්ත‍්‍රවාදි කන්ඩායම් වලට එරෙහිව යුද්ධය ප‍්‍රකාශ කොට දියත් කිරීමට ප‍්‍රංශයට සිදුවී ඇත්තේය.


එදා ශ්‍රී ලංකාව යුද්ධය කර ජය ලැබුවේ රට තුල සිටි තස්ත‍්‍රවාදි කන්ඩායමක් සමග සටන් කොටය. නමුත් ප‍්‍රංශය සටන් කරන්නේ රටින් පිට සිටින තස්ත‍්‍රවාදි කන්ඩායම් සමගය. එනමුදු අද ප‍්‍රංශයට ඇතුලතින් හා පිටතින් යන දෙපැත්තේම තර්ජන වලට මුහුන දීමට සිදුවේ ඇත්තේය.



ප‍්‍රංශ පුරවැසියෝ මෙම කන්ඩායම් නියෝජනය කරන බවත් සමහරක් හදුනාගෙන ලැයිස්තු ගත කොට ඇති බවත් ප‍්‍රංශ පොලීසිය සදහන් කරයි. කලීෆා (Califat) , එයිල් (Eiil) , අන්සවාර් ,අක්මී(Aqmi) , ඬේෂ් (Daesh) යන නම් වලින් හැදින්වෙන අන්තවාදි ඉස්ලාම් තස්ත‍්‍රවාදි සංවිධාන ඉහත කන්ඩායම් පෝෂණය කරන අතර ඔවුන් ගනනින් තිස්දාහසක් පමණ වන අතර අති නවීන යුධ උපකරන වලින් ශක්තිමත් බව බටහිර යුධ විශ්ලේෂකයෝ පවසති.ප‍්‍රංශ පුරවැසියෝ ගැහැණු පිරිමි ලෙස 900ක් පමණ මෙම කන්ඩායම් අතර ගැවසෙන බව ආරක්ෂක බලධාරීන්ගේ ගනනයයි.

මොවුන් අතර වැඩි ප‍්‍රතිශතය ප‍්‍රංශයේ උපත ලද උතුරු අප‍්‍රිකානු ඇල්ජීරීයාව, මොරොක්කෝව, ටියුනීසිව යන රටවල සම්භවයකට හිමිකම් ඇත්තෝය. ඉස්ලාම් ආගම වැළඳගත් ප‍්‍රංශ ජාතිකයෝද ඒ අතර සිටී. 2012 නොවැම්බර් මස නැගෙනහිර සිරියාවේදි පැහැර ගත් නිදහස් මාධ්‍යවේදියෙක්වූ 40 හැවිරිදි ඇමෙරිකානු ජේම්ස් පොලි (James Foley) අගෝස්තු 19 වෙනිදාත්, වාර්තාකරුවෙකුවූ 31 හැවිරිදි ස්ටීවන් සොට්ලොෆ්(Steven Sotloff) ඇමෙරිකානුවා සැප්තැම්බර් 02 වෙනිදාත්, වයස අවුරුදු 44 ක්වූ ස්කොට්ලන්ත ජාතික ඬේවිඞ් හේන්ස් (David Haines) සැප්තැම්බර්13 වෙනිදාත්, ඇල්ජීරීයාවේදි පැහැර ගත් කඳු නගින්නෙක් හා සොබාව ධර්මයාගේ සුන්දරත්වය කාච ගත කල කැමරා ශිල්පියෙක්වූ 55 හැවිරිදි ප‍්‍රංශ ජාතික හර්වේ ගෝර්ඩෙල් (Herve Gourdel) සැප්තැම්බර්24 වෙනිදා ඉහත තස්ත‍්‍රවාදි කන්ඩායම් විසින් බෙල්ල කපා මරා දැමීය. එම සිදුවීම් වීඩියෝ ගත කොට ඔවුන්ගේ වෙබ් අඩවි හරහා ලෝකයාට ප‍්‍රදර්ශනය කළේය. මෙම රූපරාමු දුටු ප‍්‍රංශ ජාතිකයෝ තැති ගත්තෝය.

” ජනාධිපති බරක් ඔබාමාගේ අඩි පාරේ යන ප‍්‍රංශ ජනාධිපති ඔලෝන්ද්ට පාඩමක් ”

යනුවෙන් පවසමින් ප‍්‍රංශ ජාතිකයාගේ හිස වෙන් කරන විට ප‍්‍රංශ ජනාධිපති එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් සිටියේය. ඒ වන විට ප‍්‍රංශය විසින් ජිහාඞ් සංවිධාන වලට එරෙහිව ගත් හමුදාමය ක‍්‍රියා මාර්ග ගැන ප‍්‍රංශ අගමැති තුමා පාර්ළිමේන්තුවට කරනු වාර්තා කරමින් සිටි අවස්ථාවයි. අගමැති ලේකම් වරයෙක් ඔහු අතට දුන් තුන්ඩු කෑල්ලක සඳහන් වුයේ ඉහත ප‍්‍රංශ ජාතිකයාගේ අවසානය පිලිබඳ නිවේදනයයි. එම පුවතින් පාර්ළිමේන්තුව දැනුවත් කොට කථාව අවසන් කළේ ප‍්‍රංශ රජය ගත් හමුදා තීන්දු වලට පාර්ළිමේන්තුවේ වැඩි කැමැත්ත ලබා ගනිමිනි.

කෙසේ නමුදු ප‍්‍රංශ රහස් ඔත්තු සේවා හා හමුදා සම්පත් එකතුවෙන් මේවන විට ප‍්‍රංශ ජාතිකයා පැහැර ගත් තස්ත‍්‍රවාදි කන්ඩායමේ 12 දෙනෙක් හා ඔහුගේ හිස වෙන් කල දෙදෙනාද හදුනා ගෙන ඇති බවත් එක් අයෙක් ඇල්ජීරියානු ජාතික කෙහේර්ෂා බෂීර් (Kherza Bachir) නැමැත්තා බවත් ඇල්ජිරියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේ නිවේදනය කළේය.

මේ අතරතුර සිරියාවේ සිට තුර්කිය හරහා ප‍්‍රංශය බලා පැමිණි ප‍්‍රංශ ජාතික මුස්ලිම් පවුලක් තුර්කියේදි අත් අඩංගුවට පත්විය. සැමියා, බිරිඳ, හා කුඩා දරුවෙකු ලෙස පැමිණි මොවුන් ප‍්‍රංශ රහස් ඔත්තු සේවා හා ආරක්ෂක අංශ වලට අනුව එම පවුල ප‍්‍රංශයට අවශ්‍යය කරන ඉස්ලාම් අන්තවාදි ජිහාඞ් කන්ඩායම් හා සබඳකම් පවත්වන එම සංවිධානයට තරුන තරුනියන් බඳවා ගැනීමේ කටයුතු කර ඇති පිරිසක් බව ප‍්‍රංශ ආරක්ෂක පොත් වල සටහන්ව ඇත්තේය.

එම පවුල 2012 වසරේ දකුණු දිග ප‍්‍රංශයේ පිහිටි තුලූස් නගරයේ පිහිටි යුදෙව් පාසැලක සිසුන්ට වෙඩි තබා ඝාතනය කොට පසුව ප‍්‍රංශ පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මියගිය ඉස්ළාම් අන්තවාදීන්ට සම්බන්ධ මොහොමඞ් මෙරාගේ එක් සහෝදරියක් හා ඇගේ සැමියා බව ප‍්‍රංශ ආරක්ෂක අංශ දැන සිටි බැවින් ඔවුන් ප‍්‍රංශයට භාරදෙන ලෙස තුර්කි රජයට දන්වා ඔවුන් පැමිණෙන තුරු ප‍්‍රංශ ආරක්ෂක අංශ පැරීසියේ ප‍්‍රධාන ගුවන් තොටුපොලේ රැඳී සිටියත් ඔවුන් වෙනත් ගුවන් යානයකින් ප‍්‍රංශයේ දෙවන විශාලතම නගරය වන පැරීසියේ සිට කි:මී: 900ක් දකුණෙන් පිහිටි මාර්සෙයිල් ගුවන් තොටුපලෙන් බැස පැය කිහිපයකට පසු පොලීසියට භාර වුයේය. මෙම ව්‍යාකූල සිදුවීම මේවන විට දෙරට අතර ආරක්ෂක හා දේශපාලන කථිකාවක් බවට පත්වී ඇත්තේය. මෙම සිදුවීම ගැන සොයා බැලීමට ප‍්‍රංශ අගමැති ඉන් දින දෙකකට පසු බලධාරීන් හමුවීමට තුර්කිය බලා පිටත් වුයේය.

ඉන් අනතුරුව දකුණු දිග ප‍්‍රංශයේ නීස් නගරයේ ජීවත්වූ එකම පවුලේ දෙමාපියෝ ඇතුලූව 11 දෙනෙක් සිරියාවේ ජිහාඞ් සංවිධානයට එකතු වීමට ප‍්‍රංශයෙන් පැන ගොස් ඇති බව සොයා ගත් අතරම එම සංවිධාන ඇසුර ලබා ප‍්‍රංශයට ඇතුලූවී ඇති තරුනයෝ සිව්දෙනෙක් ප‍්‍රංශ ආරක්ෂක අත් අඩංගුවේ ප‍්‍රශ්න කිරීම් මැද සිර අඩස්සියේ පසුවෙති.

ඊට අමතරව මෙම ජිහාඞ් සංවිධාන කථා පුවත් වටා ගෙතුනු විස්ම ජනක කතා පුවත්ද ඇත්තේය. මේ දිනවල ප‍්‍රංශ මාධ්‍ය හරහා වාද විවාද යුධ විශ්ලේෂකයෝ අතර හුවමාරු වෙති . ලෝක ගෝලයේ සිදුවීම් පිටුපස සිදුවෙන නොපෙනන නොසොයන දේවල් ගැනද විමර්ෂකයෝ විවිධ දේ කියති. එම කථා අතරට ඊශ‍්‍රායල් මොෂාඞ් ඇමෙරිකන් සී.අයි.ඒ නාමයන්ද අතරින් පතර ඇසීමටද ලැබෙන්නේය.

මෙම තත්වයන් තුල මුස්ලිම් අන්තවාදී සංවිධාන වල ප‍්‍රධාන ගොදුරක් බවට ප‍්‍රංශය පත්වී ඇත්තේය. එහෙයින් ප‍්‍රංශ ජාතිකයන්ට විදේශ ගත වීමට අනාරක්ෂිත ස්ථාන ලෙස අප‍්‍රිකාවේ හා මැදපෙරදිග සමහර රටවල් රතු වර්ණයෙන් ආලේප කොට සිතියම් ප‍්‍රදර්ශනය කරමින් ප‍්‍රංශ වැසියෝ හා ප‍්‍රංශය රැක ගැනීමට ආරක්ෂක අංශ දිවා රාත‍්‍රි නොතකා උකුසු ඇස් යොමු කරමින් සීරුවෙන් සිටින්නෝය.

එදා වසර පහකට පෙර ශ්‍රී ලංකාවේ තිබුනු බෝම්බ භීතිකා රෝගය අද ප‍්‍රංශයට වැළඳී ඇත්තේය.නමුත් ප‍්‍රංශයේ අම්මා , තාත්තා , අයියා, නංගි, මල්ලි පවුලේ සියල්ලෝම තවමත් එකම බසයේ එකම දුම්රියේ ගමනේ යති.

සුනිල් ආනන්ද පැරීසියේ සිට

France2

Last modified on Saturday, 18 October 2014 12:32

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us