දස හැවිරිදි පොලිස් ස්ථානාධිපති

Published in විදෙස්
Saturday, 18 October 2014 14:11

දස හැවිරිදි දරුවෙකු පොලිස් කොමසාරිස් ධුරයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන් වාර්තා වේ.

සදීක් නමැති දස හැවිරිදි දරුවෙකු එලෙස පොලිස් කොමසාරිස්වරයෙකු ලෙස පත්වූයේ, එක් දවසක් සඳහා ය.

සදාකාලික රෝගී තත්ත්වයකින් පෙළෙන එම දරුවාගේ සිහිනයක් සැබෑ කිරීම සඳහා මෙය සිදු කළ බව හයිද්‍රාබාද්හි පොලිස් කොමසාරිස් මහේන්දර් රෙඩ්ඩි පවසයි.

ඒ අනුව, පොලිස් කොමසාරිස්වරයෙකුගේ සම්පූර්ණ නිල ඇඳුම ඇඳ එම දරුවා පොලිස් කොමසාරිස්වරයාගේ මේසය සහ පුටුව ද භාවිත කරමින් ඊයේ දිනයේ එම ධුරයෙහි කටයුතු කළා.

ඔහු සිය රාජකාරී ආරම්භ කරමින් මුලින් ම පැවසුවේ, “මුලින් ම මැරයින් අත්අඩංගුවට ගන්නා” බව ය.

මෙම දරුවා කුඩා කල සිට සොරුන්, මැරවරයින් අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමේ ආශාවෙන් සිටි බවත්, පොලීසියට සම්බන්ධ වී එහි උසස් නිලධාරීවරයෙකු වන බවත් නිතර පැවසූ බව දරුවාගේ පියා පවසා තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us