මෙම උද්ඝෝෂණ පෙළපාලිය සඳහා දිවයිනපුරා සිටින සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය නියෝජනය කරන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා...
''මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධි ලබන සිසුන් හට රජයේ රෝහල්වලින් සායන පහසුකම් ලබාදීමට මේ වන විට නීති සකස්කරමින් සිටින අතර එය වහා නැවැත්විය යුතු බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමා එය රජයට පවරා ගත යුතු බවත් සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරනු ලබන මුදල වැඩිකිරීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් මෙම උද්ඝෝෂණ පෙළපාලිය පටන් ගත්තේ. ආණ්ඩුව මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා දීමට මැදිහත් නොවුණහොත් ඉදිරියේදී මීට වැඩිය දැඩි තීන්දු ගැනීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය ගෙන කටයුතු කරනවා.'' යැයි අවධාරණය කළේය.
මාලඹේ ආරම්භ කර තිබෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව සඳහා රජයේ රෝහල ලබා දීමට හා වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය ඊයේ (13) දහවල් ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පෙළපාලියක් පැවැත්විය.
Leave a comment
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...