ඉන්දිකගේ "රැය තවම තරුණයි" මුම්බායි සිනමා උළෙලට

Published in කලා
Friday, 10 October 2014 09:45

La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය.

ශි‍්‍ර ලාංකිකයෙකු විසින් අධ්‍යක්ෂණය කරන ලද ප‍්‍රථම ප‍්‍රංශ චිත‍්‍රපටය වශයෙන් ඉතිහාසයේ සනිටුහන් La Nuit est encore Jeune ඉන්දික උඩුගම්පොළගේම තිර රචනයකි.

ප‍්‍රංශයේ EICAR සිනමා අධ්‍යයන ආයතනයේ සිනමා අධ්‍යක්ෂණය හැදැරු ඉන්දිකගේ මෙම චිත‍්‍රපටය මුම්බායිහිදි ප‍්‍රංශය නියෝජනය කරමින් තිරගත වීම විශේෂත්වයකි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ශි‍්‍ර ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙකු විසින් සිනමා සහෘදයන්ගේ මුල්‍යමය දායකත්වයෙන් නිර්මාණය කෙරුණු පළමු ‘‘සමුහ දායක‘‘ (Crowd Funding)චිත‍්‍රපටය වීමයි.

ඔක්තෝබර් මස 14 සිට 21 දක්වා ඉන්දියාවෙ පැවැත්වෙන මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙල සදහා රටවල් 65 ක් නියෝජනය කරමින් චිත‍්‍රපට 185 ක් තිරගත විමට නියමිතය.

මෙම චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ පැස්කලින් බෙල්ග‍්‍රාඞ්, ඇනා ලෙමොනාකි සහ ලක්ෂාන් අබේනායකයි. චන්න දේශප‍්‍රිය කැමරාකරණයෙන්ද, පියෙර් එම්මෑනුවෙල් ශ‍්‍රව්‍ය සංකලනයෙන්ද දායක වුණු මෙම චිත‍්‍රපටයේ සංස්කරණය ෂයිලේශ් මැක්වාන්ගෙනි.

නදීක ගුරුගේගෙ පසුබිම් සංගීතයෙන් සහ ගි තනු නිර්මාණයේන් ඔපවත් වුනු La Nuit est encore Jeune සදහා ඉන්දික උඩුගම්පොළ විසින් රචනා කරන ලද The night is still young ගීතයට ගායනයෙන් දායක වි ඇත්තේ දිලීකා සෙව්වන්දියි.

ඔන්ද්‍රෙ ජීද් ගේ la Symphonie pastorale නවකතාව ඇසුරින් 2003 දි ‘‘කෝකිළ සංධ්වනිය‘‘ ටෙලිවෘතාන්තය නිර්මාණය කළ ඉන්දික ඉන් අනතුරුව ‘‘රති විරති‘‘ නමින් ටෙලි චිත‍්‍රපට මාලාවක් නිර්මාණය කළේය. ඔහු විසින් නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපට සහ වාර්තා චිත‍්‍රපට රැසක් අන්තර්ජාතික චිත‍්‍රපට උළෙල නියෝජනය කර ඇත.

ජනමාධ්‍යවේදියෙකු සහ සාහිත්‍ය කලා විචාරකයෙකු වන ඉන්දික 2003 වසරේ සිග්නිස් සිනමා උළෙළදි ජයවිලල් විලේගොඩ සිනමා විවාරක සම්මානයෙන් පිදුම් ලැබිය. යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් සිනමා මාධ්‍යය සදහා පිරිනැමෙන ඇමරිකානු නේවාසික ශිෂ්‍යත්වය 2007 වසරේදි හිමි කරගත්තේද ඉන්දික උඩුගම්පොළය. ඉන්දික උඩුගම්පොළ ප‍්‍රංශයේ ජීවත්වන විප‍්‍රවාසයේ සිනමාකරුවෙකි.

1

2

3

Indika-Udugampola-11

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us