නොඛෙල් සාහිත්‍යයේ ප්‍රංශ ශුරයෝ

Published in කලා
Sunday, 12 October 2014 17:47

2014 මෙවර පැවැත්වූ නොඛෙල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප්‍රංශ ජාතික පැට්රික් මොඩියානෝට හිමි වුයේය. 

ඉතාලි ජාතික යුදෙව් පවුලක පියෙකුට හා ඛෙල්ජියමේ පෙලොමොන්ග් ජාතික මවකට දාව 1945 ජුලි 30 වෙනිදා පැරීසියට නුදුරු බුලොන්ග් බිලන්කූර්ට් නගරයේ උපත ලැබූ පැට්රික් මොඩියානෝ වයස අවුරුදු 22 දී 'තරුඅතර ˜ යනුවෙන් ඔහුගේ ප්‍රථම සාහිත්‍ය කෘතිය එළිදැක්වීය. 

අනතුරුව වර්ෂ 1978දී හා 1996 දි ප්‍රංශයේ ඉහළම සාහිත්‍ය සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් වුහ. 

දෙවන ලෝක යුධ සමය හා යටත් විජිත සමය ඔහුගේ බොහෝ කෘති වල කේන්ද්‍රයවේ. 

වර්ෂ 1901 දී නොඛෙල් ත්‍යාග ප්‍රධානය ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා සාහිත්‍යය සදහා වැඩිම නොඛෙල් ත්‍යාග හිමිකර ගැනීමට ප්‍රංශය සමත්වී ඇත්තේය.

2014 එම ත්‍යාගය හිමිකර ගත් මොඩියානෝ ප්‍රංශයේ 15 වෙනියාය. 

මින් පෙර ප්‍රංශ ජාතික කවියෙක් වූ සුලී ප්‍රරූඩොම් 1901 දීත් ඇනටෝල් ප්‍රාන්ශ් 1921දීත් මාධ්‍යවේදි හා නවකතා කරුවෙකුවූ උපතින් ඇල්ජීරියානු ප්‍රංශ ජාතික ඇල්බර්ට් කාමුෂ් 1957 දි හා දාර්ශනිකයෙකු හා මහා ගත්කතු වරයෙකු වූ ජෝන් පෝල් සාත්‍රේ 1964 දී මෙම ත්‍යාගය හිමිකර ගත් ලොව ප්‍රසිද්ධ සුවිශේෂියෝය. 

මේ දක්වා සාහිත්‍ය ත්‍යාගය 15 වතාවක් ප්‍රංශයද 12ක් ඇමෙරිකාවට හා ඉංග්‍රීසි සාහිත්‍යයට මහද්වීප පහෙන්ම 27ක් ද ලෙස හිමිකර ගෙන ඇත්තේය. 

නොඛෙල් විනිශ්චය මන්ඩලය ප්‍රංශ සාහිත්‍ය ගැන දැඩි විමසිල්ලක් දක්වනවා. එයට හේතුව ප්‍රංශ සාහිත්‍යයේ විවේචනයට ඉඩක් තබා නොමැති බව ප්‍රංශ සාහිත්‍යය ඇකඩමියේ සභාපති බර්නාඩ් පිවොට් ග්‍රන්ථ කතුවරයා ප්‍රංශ මාධ්‍යයට පැවසීය. 

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

unnamed

unnamed 1

unnamed 2

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us