News Items (18842)
දින සියයේ වැඩසටහනට සමගාමීව තේ, පොල්, රබර් ක්ෂේත්‍ර නගාසිටුවීමට පියවර
දින සියයේ වැඩසටහනට සමගාමීව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති තේ, පොල් සහ රබර් යන ක්ෂේත්‍රයන්හි උපදේශක සහ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ( 27) වන දින ගරු සභා නායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. මේ සඳහා ආනයනකරුවන් සහ වැවිලිකරුවන් ද සහභාගී විය. එහි දී ගත් තින්දු තීරණ පහත පරිදි ය.
රුසියානු විපක්ෂ නායක බොරිස් නෙම්ස්ටෝව් (Boris Nemstov) ඊයේ රාත්‍රියේ මධ්‍යම මොස්කව් නුවරදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබේ.
රාජ්‍ය තන්ත්‍රයේ හට ගැනෙන වංචා දූෂණ මර්දනයට රජයේ ප්‍රධාන වංචා දූෂන විමර්ශන තනතුරක් ඇති කිරීම සඳහා ජාතික හෙළ උරුමය යෝජනා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිලිබඳ මහලේකම්, ජෙෆ්රී ෆෙල්ට්මන් මහතා අද(28) ශ‍්‍රී ලංකාව පැමිණීමට නියමිතය. නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරට ඇති වී තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රවණතාවන් හඳුනාගැනීම ඔහුගේ සංචාරයේ අරමුණවේ.
යෝජනාව සම්මත කළේ දෙමළ ජනයාගෙ ගැටලුවට ඉතිහාසයක් ඇති බව කියන්න - විග්නේෂ්වරන්
වර්ෂ 2001 - 2004 කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ සී. වී. විග්නේෂ්වරන් මහතා 2013 වසරේ පැවැති උතුරු පළාත් සභා මැතිවරණයෙන් එහි මහඇමැති ධූරයට පත්විය. දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන අසාධාරණකම කියාපාන කරුණු ඇතුළත් විශේෂ යෝජනාවක් මහඇමැතිවරයාගේ මූලිකත්වයෙන් උතුරු පළාත් සභාව විසින් අනුමත කර ගන්නා ලදී. එම යෝජනාව නිසා උතුරු පළාත සම්බන්ධයෙන් රටේ පැවැති දේශපාලන අදහස් වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මේ පිළිබඳව මහඇමැති විග්නේෂ්වරන් මහතාගෙන් කරුණු විමසන ලද සාකච්ඡාවකි මේ.
රුපියල් 10,000 දීමනාව, වැටුපට එකතු කිරීමට සාකච්ඡා
මැඩගස්කරයේ ඇන්ටනැනරිවෝ අගනුවරට බලපෑ ගංවතුරින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් විසිහතරදහසක් පමණ අවතැන්ව තිබෙන බව වාර්තා වේ.
බස්‌නාහිර පළාත් සභාවේ අමාත්‍ය ධුර දෙකක් එක්‌සත් ජාතික පක්‍ෂය වෙත ලබාදීම සම්බන්ධව අවධානය යොමුව ඇතැයි කළුතර දිස්‌ත්‍රික්‌කයේ කැබිනට් ඇමැතිවරයකු එම සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වෙත පවසා ඇත.
චීන ව්‍යාපෘති කරනවද නැද්ද චීනය සමඟ කතාවෙන් පසුවයි
ශ්රී ලංකාවේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ලබන්නේ එරට රජය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ආණ්ඩුව අවධාරණය කරයි. අපේ රට සෑම විටම චීන ආයෝජකයන් සාදරයෙන් පිළිගන්නා අතර කුමන රටකින් පැමිණිය ද විදේශීය ආයෝජකයන් සඳහා සමාන අවස්ථා සහ පහසුකම් ලබාදීම වත්මන් ආණ්ඩුෙව් අරමුණ බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
'සත්‍යය ඉල්ලා සිටීම ජාතිවාදය නොවේ' - රනිල්ට විග්නේස්වරන්ගෙන් පිළිතුරක්
තම ජාතියට සිදුවූයේ කුමක්දැයි හෙළිදරව් කිරීමට තමන් ගත් ක්‍රියාමාර්ගය ජාතිවාදයක් ලෙස අගමැතිවරයා විසින් අර්ථ දක්වනු ලැබීම අතිශයින්ම ඛේදජනක යැයි ද, සත්‍යය ප්‍රකාශ කිරීම කිසි දිනෙක ජාතිවාදයක් ලෙස හැඳින්විය නොහැකි යැයි ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටී.
