News Items (18842)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී උමලිය ක්‍රීඩාංගණයේදී පැවැති ප්‍රචාරක රැස්‌වීමකට එවකට පොදු අපේක්‍ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්‌ක කරගෙන වෙඩි තබා පලාගිය සිදුවීම සම්බන්ධව සිදුකළ පරීක්‍ෂණ මෙහෙය වූ මිරිහාන නොවිසඳුණු අපරාධ ඒකකය ඊට සම්බන්ධ බවට සැකකෙරෙන එක් පුද්ගලයකු සහ වෑන් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ ක්‍රමය වෙනස් නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසියට ශ්‍රීලනිප විරුද්ධයි
යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ අතර ඊයේ (26 දා) එළැඹි සාකච්ඡා අසාර්ථක වී අතරමග නවතා දමා ඇත.
හිටපු කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීමට අදාළව බොදු බල සේනා සංවිධානයේ සැකකාර භික්ෂූන් හය කට මාර්තු මස 12 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (26) නොතිසි නිකුත් කරන ලදී.
උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.
එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් මාර්තු පළමු සතියේ සිට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව කී වික්‍රමසිංහ මහතා එජාප සාමාජිකත්වය සියලු දෙනාටම විවෘත බව ද කීය.
නිසි වයසට පැමිණීමත් සමඟ ලිංගික අවශ්‍යතා ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ යම්කිසි අවුලක් පැවතිය යුතුයි. නමුත් මේ නිසි වයස මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබෙනවාද යන්න ගැටළුවක්. මේක නිසි වයසට එළඹීමට ප්‍රථම ලිංගික ක්‍රියා වල යෙදීම වගේම ලිංගික ජීවිතේ ඇරඹීම පමා කිරීම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිවීමට මගපාදනවා. අද අපි මුලිකව කතා කරන්න උත්සහ කරන්නේ ගැබ් ගැනීමකදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව.
ජර්මනියේ පැවති කලාකෘති ප‍්‍රදර්ශනයක් අතරතුරදී නිරුවත් දරුවෙකුද වඩාගෙන නිරුවතින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිව තිබෙනවා.
උමා ඔය ගිවිසුම අතුරුදහන්. නියමිත ගණනට වඩා තුන් ගුණයකුත් වැය කරලා
පසුගිය අඟහරුවාදා(24දා ) පැවති ජාතික විධායක සභාවේදී උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉරානය අතර අත්සන් කෙරුණු ගිවිසුම අතුරුදන්ව ඇති බව අනාවරණය වේ. ඉරාන රජයේ ආධාර යටතේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මේ වනවිට තවකාලිකව අත්හිටුවා ඇත.
පෝර්ට් සිටි නැවැත්වීම මැතිවරණ පොරොන්දුවක් පමණද?ජනපතිතුමනි ඔබේ දේශපාලන සදාචාරය මෙයද?
රාජපක්ෂගේ අසූචි වලේ ඔලුවෙන් හිටගෙන හිටපු විමල් වීරවංශට මෛත්‍රී අාණ්ඩුව යටතේ ඉන්ටවල් එකක් ලැබිල-ගාමිණී වියන්ගොඩ
