හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මන්දිරයේ භෝජනාගාරය සඳහා පවරාගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නැවත තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජය තීරණය කර ඇතැයි තැපැල් සහ මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා පැවසීය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (25 දා) රාත්‍රී චීනය බලා පිටත්ව ගියේය.

ජනතාවට ලබාදුන් දින සියයේ පොරොන්දුව පිටුපස තබාගෙන දේශපාලන දඩයමක වත්මන් ආණ්‌ඩුව නිරතව සිටින බව මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කර තිබිණි.

රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්යාලයේ හා අරලියගහ මැදුරේ වු අක්‍රමිකතා ‍රැසකටම වගකිව යුතු වූ පුද්ගලයා කිසිදු චෝදනාවකට යටත් නොවී තවමත් යහතින් නව පාලනය යටතේද සේවය කරමින් සිටින බව එහි සේවක සේවිකාවන් ලංකා ඩේලී වෙත පවසා සිටියහ.

සියලු රටවල සියලුම ජාතීන් අතර පිරිමින්ට ඇතිවන පිළිකා අතර මුල් තැනක් ශිෂ්ණ පිළිකාවට හිමිවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ පිරිමින්ට ඇතිවන පිළිකා අතරින් 1% ක්ම ශිෂ්ණ පිළිකා බව වාර්තා වෙයි.

ලංකා ඉතිහාසයේ රාජ්‍ය අංශය සදහා වන වැඩිම පඩි වැඩිවීම අද දිනයේ සිදුවන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.අද (25) පැවති වත්මන් රජයේ දින සියයේ ප්‍රගතිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එළැඹෙන හතරවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(25) නියෝග කළේය.

ගාමිණි අබේකෝන් ගේ ‘‘LINE POETRY’’ නමැති සිතුවම් ප්‍රදර්ශනය පෙබරවාරි 27 වන දින සවස 06.00 ට.Lional Wented කලාගාරයේ දී විවෘත වන අතර පෙබරවාරි 28 වන දින සිට මාර්තු 02 දක්වා උදැසන 08.30 සිට රාත්‍රි 08.30 දක්වා විවෘතව පවතී.

ශ්‍රී ලංකාවට පසුගිය කාලසීමාවේ ගෙන්වා පොහොර සහනාධාරය ලෙස බෙදාහැර ඇත්තේ තත්වයෙන් බාල පොහොර බව නවතම අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් මගින් හෙළිදරව් කර ඇත. ඒ අනුව පොස්ෆේටේ වර්ගයේ පොහොරවල ඉතා අධික මට්ටමින් ආසනික් සහ අනෙකුත් විෂ සහිත බැර ලෝහ අඩංගු වේ.

නැගෙනහිර යුක්‍රේනයේබෙදුම්වාදී කැරලිකරුවන් යුක්‍රේන් හමුදාවට දිගින් දිගටම පහර දෙන බවට චෝදනා කරමින් යුක්‍රේන් බර අවි යුද පෙරමුණෙන් ඉවත්කර ගැනීම පොරොන්දු වූ පරිදි සඳුදා සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

Connet With Us