යුද්ධයට අදාළ වගවීම සහ ප්‍රතිසංධානය යන කාරණා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා තමා මුණ ගැසුණු අවස්ථාවේදී සාකච්ඡා කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කරයි.

යුධ සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම යන චෝදනා මත නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නාවික සහයෝගීතාවය පිළිබඳවද එකඟතාවයකට දෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

අරලිය ගහ මන්දිරයේ ගාලු පාරට මුහුණලා තිබු මායිම ආවරණය වන පරිදි අතුරා තිබු මල් පෝච්චි 45,000ක් අද දින ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මල් පොච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යනයට බාර දීම සිදු කළේය. පසු ගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උත්සවයට සමගාමීව මෙම මල් පෝච්චි ආවරණය සකස් කරීමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයවූ බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔවුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සමඟ මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කර ඇති බවත් ෂිංහුවා ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

අමුතු රැළි

Published in අනං මනං
Saturday, 28 February 2015 14:23

මේ මාසයේ මුල් දවස් කීපය තුල අමුතු සීතලක් දැනුනා මතකද? වාර්තාවෙන විදියට ඒ තමයි ලෝකයේ බොහෝ රටවල් වලට පෙබරවාරි මාසය තුල වැඩිම සීතලක් වාර්තා උන කාලය.

සිනමා ලෝකයේ විශිෂ්ටයන් ඇගයෙන ප්‍රමුඛතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකිය හැකි ඔස්කාර් සිනමා සම්මාන උළෙල 87 වැනි වරටත් පසුගිය 22 දා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. මෙවර මෙම සම්මාන උළෙ‍ලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සා‍ලේස් ඉන්යරේතු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'බර්ඩ්මෑන් ( ඕර් ද අනෙක්ස්පෙක්ටඩ් වර්චු ඔෆ් ඉග්නරන්ස්) නම් අපූරු සිනමා නිර්මාණයයි.

අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉන්දියාවේ සරණාගත කඳවුරු වල රැදී සිටි ශ්‍රී ලංකා සරණාගතයින් 40ක් ඊයේ (27දා) නැවතත් දිවයිනට පැමිණියේය.

Connet With Us