මාලදිවයින අර්බුදය රනිල්ට විසඳන්නලු

Published in පුවත්
Saturday, 28 February 2015 15:29

මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔවුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සමඟ මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කර ඇති බවත් ෂිංහුවා ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මාලදිවයින් නියෝජිත පිරිසේ මූලිකත්වය ගෙන ඇත්තේ එරට පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජික අබ්දුල්ලා ශාහිඞ්ය. අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික සහාය ලබා ගැනීමේ අරමුණින් ශ‍්‍රී ලංකාවට පැමිණි බව ඔහු සදහන් කර ඇත.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් පසුගිය ඉරිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ත‍්‍රස්තවාදී චෝදනා යටතේය. මීට වසර තුනකට පෙර ජනාධිපති ධුරය හොඹවන සමයේ එරට අපරාධ අධිකරණයේ ප‍්‍රධාන විනිසුරුවරයා නිත්‍යානුකූල නොවන ලෙස රදවා තැබීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා එරට අපරාධ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මොහොමඞ් නෂීඞ් එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයක් කැදවූ අතර එහිදී හිටපු මාලදිවයින් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දුල් ගයුම්ගේ ඥාති පුත‍්‍රයෙකු වන අබ්දුල්ලා යාමින් බලයට පත්විය. නෂීඩ් විසින් මාලදිවයිනේ බලය අත් පත් කරගතේ අබ්දුල් ගයුම්ගේ 30 වසරක පාලනය පෙරලා දමමින්ය.

මාලදිවයින් විපක්ෂ නියෝජිත කණ්ඩායමේ නායක අබ්දුල්ලා ශහීඞ් වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ ආරක්ෂාව පිළිබඳව තමන්ට බියක් පවතින බවය. එමෙන්ම දේශපාලන හේතූන් මත ඔහුට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇති බවත්, සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි බවත් අබ්දුල්ලා ශහීඞ් වැඩිදුරටත් සදහන් කරයි. නීතිඥවරුන්ට මෙතෙක් මොහොමඞ් නෂීඞ් මුණ ගැසීමට අවස්ථාවක් ලබාදී නැහැ.

ශ‍්‍රී ලංකාව නිරන්තරයෙන්ම මාලදිවයින සහ එහි ජනතාව පිළිබඳ උනන්දුවක් දක්වන රටක් බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා ලෙස කලාපයේ යහපාලනය ප‍්‍රවර්ධනය කිරීමේ වගකීමක් ද ශ‍්‍රී ලංකාවට පැවරෙන බවත් මාලදිවයින් විපක්ෂ නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානියා කියා සිටි.a

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us