ගොඩනැගිලි කොට්ඨාශයේ අධ්යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. ආර්. නාගස්මුල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. ආර්. එල්. රණවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පරීක්ෂණ හා පුනරීක්ෂණ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇත.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. එස්. පතිනායක මහතා සැපයුම් කොට්ඨාශයේ සිට ගොඩනැගිලි කොට්ඨාශයේ අධ්යක්ෂවරයා වශයෙන් පත්කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් ඒල්. ඒ. එස්. ප්‍රියන්ත වීරසුරිය මහතා පොලිස් මුල්ස්ථානයේ සිට සැපයුම් කොට්ඨාශයේ අධ්යක්ෂවරයා වශයෙන් පත් කර ඇත.
මහජන සාමය ආපදා කළමණාකරනය සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය අනුව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.