සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් ආවරණ (ෆුල් ෆේස් හෙල්මට්) පැළඳීම තහනම් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

දේශපාලන ප්‍රතිරූප පුම්බා ගැනීමට මහජන දේපොළ විනාශ කරමින් නාඩගම් නැටූ යුගය අවසන් බව සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවසුවේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ජී.නිලන්ත ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි අංශ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කලක් මුළුල්ලේම මැතිවරණ පොරොන්දුවක් පමණක් වූ බවත් නව රජය යටතේ ඒ සදහා ඉදිරි පියවරක් ගැනීම ගැන සතුටු වන බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය පවසයි. ඔවුන් මේ බව සදහන් කළේ අද(02) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වඩිවේල් සත්‍යනන්දන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA)අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ගරු ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා විසින් පත්කර ඇත.

ඉතිහාසයේදී ලෝකය වෙනස් කරන්න දායක වෙච්ච මිනිස්සු ඕනෑතරම් අපිට හමු වෙනවා. වෙලාවකට ඔවුන්ගේ නිර්භීත කම විචක්ෂණ ශීලී බව ඇත්තටම පුදුමාකාරයි. නැපෝලියන් බොනපාට් කියන්නෙත් ඒ ආකාරයට ලෝකය වෙනස් කරන්න දායක වී ඉතිහාසගත වූ පුද්ගලයෙක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් විශාල අභියෝගයක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28වැනි සැසිවාරය අද 02 ජිනීවාහිදී ආරම්භවීමට නියමිතය.

අනාචාරය අපරාධයක්‌ නොවන බව දකුණු කොරියානු අධිකරණය තීන්දු කර ඇත. මීට පෙර 1953 සම්මත කළ නීතියක් අනුව අනාචාරය අපරාධයක්‌ බවත් එය ඔප්පු වුවහොත් වසර දෙකක දඬුවම් හිමිවන බවත් ප්‍රකාශ කර තිබිණි.

වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා කළමනාකාරිත්වය ප‍්‍රකාශ කරයි.

ඌව පළාත් මහ ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීම නීති විරෝධී බවට අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වී අැත.

Connet With Us