News Items (18842)
රජයේ දින 100 වැඩපිළිවෙළෙහි අන්තර්ගත ගර්භනී මාතාවන්ට රුපියල් 20,000ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙල 'නිරෝගී මාතෘ වැඩසටහන' වශයෙන් මෙම මස 21 වන දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කළ යුත්තේ ඇයි? - සජීව චාමිකර
ශී‍්‍ර ලංකාවේ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින්, සාගරය, වෙරළබඩ කලාපය සහ රට අභ්‍යන්තරයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, ධීවර ජනතාව ඇතුළු රටේ මුළුමහත් ජනතාව පීඩනයට ලක් කරමින් ඉදි කෙරෙන, කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වහා ම කි‍්‍රයාත්මක වන පරිදි නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බව "පෝර්ට් සිටි" විරෝධී ජනතා ව්‍යාපාරයට එක් ව සිටින සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ආගමික සංවිධාන වලින් සැදුම්ලත් බහුජන ව්‍යාපාරයේ අපි අවධාරණය කර සිටිමු.
සම්බන්ධන්ට සුමන්තිරන්ට එරෙහි එල්ටීටීඊ විරෝධතා එක දිගටම
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට මරණ දඬුවම නියම කර, යාපනය අර්ධද්වීපය පුරා පඹයින් එල්ලා ඇත. වඩමාරච්චි, තෙන්මාරච්චි සහ යාපනය නගරය යනාදී ප්‍රදේශයන්හි 03 දින රාත්‍රී මෙලෙස පඹයින් එල්ලා ඇති බව දැනගැනීමට ලැබී ඇත.
චීනයේ ආධාර ඇතිව ඉදිකෙරමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
selfie යකට මුණ දාගත්තෙ නැති කෙනෙක් නෑ මම හිතන්නෙ. අලුත් තාක්ෂණික උපකරණ, සමාජ වෙබ් අඩවි සමඟ ගණුදෙනු කරන අපි හැමෝම සෙල්ෆි ගැන දන්නවා.
අත්අඩංගුවට ගත්තා කිව් මුහුදු කොටි නායිකාවගේ ඇත්ත කතාව
මුහුදු කොටි නායිකාවක අත් අඩංගුවට ගත්තා යනුවෙන් රජයේ හා පෞද්ගලික මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ පුවතේ සඳහන් පරිදි ඇය මෙරට සැඟවී සිටි මුහුදු කොටි නායිකාවක් බව හැඟ වුවත් එය සත්‍යයක් නොවන බව හෙළිවේ.
විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම එකවර සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව පළ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන් බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නවා නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට භාර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
දකුණු කොරියාවේ සියොල් නගරයේදී එල්ල වූ ප්‍රහාරයකින් එරට අමෙරිකානු තානාපති මාක් ක්ලිපර්ට් තුවාල ලබා තිබේ.
‘‘පරචිත්ත ඥානය’’ යනුවෙන් හැඳින්වෙන්නේ අනුන්ගේ සිත දැකීමේ, කියවීමේ හැකියාව යි. මෙම හැකියාව තිබූ ලොව පසිඳුම පුද්ගලයා වූයේ ගෞතම බුදුන් වහන්සේ ය. උන්වහන්සේ හැරුණ කොට විවිධ ඍෂිවරුන් ද, දියුණු ආධ්‍යාත්මික බලයකින් හෙබි පුද්ගලයන් ද මෙම හැකියාවෙන් යුක්ත වුවන් බව අප අසා ඇත. එහෙත් මෙය ප්‍රබන්ධකරුවා/කාරිය වෙත ද ඇතැයි පැවසුවහොත් ඔබ විශ්මයට පත්වනු ඇත. විශ්මයට පත් නොවන්න! සැබවින් ම ප්‍රබන්ධකරුවා/කාරිය යනු අන් අයකුගේ හෝ පිරිසකගේ සිත් කියවන්නෙකි; කියවන්නියකි.
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එහිදී පස්වරු 2.30 සිට ඔහු සිය කතාව පවත්වනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් සිය කතා පැවැත්වීමට නියමිතය.
