දකුණු කොරියානු ඇමරිකා තානාපතිට ප්‍රහාරයක්

Published in විදෙස්
Thursday, 05 March 2015 10:23

දකුණු කොරියාවේ සියොල් නගරයේදී එල්ල වූ ප්‍රහාරයකින් එරට අමෙරිකානු තානාපති මාක් ක්ලිපර්ට් තුවාල ලබා තිබේ.

උදෑසන රැස්වීමක් සඳහා සහභාගි වෙමින් සිටියදී තානාපතිවරයා මෙම පහරදීමට ලක්ව ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසයි.

තානාපතිවරයාගේ මුහුණේ සහ සිරුරේ තවත් ස්ථාන කිහිපයක කැපුම් තුවාල සිදුවී ඇති ආකාරයත්, ඒවායින් රුධිරය වහනය වන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ද මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. කෙසේවෙතත් මෙම තුවාල මාරාන්තික ඒවා නොවන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියි. පහරදීම සිදුකළ පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තවමත් මාධ්‍ය වෙත අනාවරණ වී නැහැ.

මේ අතර මාර්ක් ක්ලිපර්ට් මීට පෙර අමෙරිකාවේ සහකාර ආරක්ෂක ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා. ඔහු දකුණු කොරියාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්කෙරුණේ ඉකුත් 2014 වසරේදීයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us