මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා

Published in විදෙස්
Wednesday, 04 March 2015 10:35

අත්අඩංගුවේ පසුවන මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මොහමඩ් නෂීඩ් රජය විසින් නිදහස් කරනතුරු ජනතාව සමග එක්ව වීදි විරෝධතා පවත්වන බව මාලදිවයිනේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

මාලදිවයින් මහජන ඡන්දයෙන් තේරුණු පළමුවන ජනාධිපතිවරයා වූ මොහමඩ් නෂීඩ් සතියකට පූර්වයෙන් අත් අඩංගුවට ගනු ලැබුණේ 2012 ඔහුගේ පාලන කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නොතකමින් මහාධිකරණ ප්‍රධාන විනිසුරු හමුදා අත් අඩංගුවේ තබාගැන්මේ චෝදනාව යටතේය. මේ සිද්ධියෙන් ඇතිවු ජනතා විරෝධය හමුවේ නෂීඩ් ඉල්ලා අස්වීමෙන් පසු 2013 දී පැවැත්වූ මැතිවරණයෙන් පරාජයට පත්විය . දැන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ත්‍රස්ත මර්දන පනත ය‍ටතේය.

ඔහුගේ පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඊවා අබ්දුල්ලා මන්ත්‍රීවරිය පවසා ඇත්තේ තවත් මිත්‍රශීලී පක්ෂයක් සමග එක්ව ඔවුන් නෂීඩ් මුදාහරින තුරු රාත්‍රි කාලයේ වීදි විරෝධතා දැක්වීමට තීරණය කර ඇති බවය. ඒ සමගම ලබන සතියේ පාර්ලිමේන්තු නව සැසිවාරය අරඹමින් ජනාධිපති යමීන් අබ්දුල් ගයුම් පවත්වන කතාවේදී පාර්ලිමේන්තු විරෝධතාවක් පැවැත්වීමට ද විපක්ෂය කටයුතු යොදා තිබේ.

ඉකුත් සිකුරාදා නෂීඩ් හිතවාදී කොටස් මාලේ අග නගරයේ වීදි පුරා විරෝධතා උද්ඝෝෂණයක් පවත්වා තිබිණ. නෂීඩ් නිදහස් කරනු යැයි එහිදී ඔවුහු හඬ නැගූහ.

තමා අත් අඩංගුවට ගැන්ම දේශපාලන අරමුණු ඉටුකර ගැන්මක් බව පවසන නෂීඩ් 2018 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පූර්වයෙන් සිය විරුද්ධවාදීන් විනාශ කිරීම ජනාධිපති ගයුම් ගේ අදිටන බව කියා සිටියි.

(dinamina)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us