‘India's daughter’ චිත්‍රපටයට එරෙහි විරෝධය උග්‍ර වෙයි

Published in විදෙස්
Friday, 06 March 2015 11:06

2012 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ සමූහ අතවරය අලලා නිර්මාණය වූ ‘India's daughter’ චිත්‍රපටය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

මෙම වාර්තාමය චිත්‍රපටයට නිර්මාණය කර තිබෙනුයේ එම තරුණිය අතවර කොට මරා දැමීමට වරදකරුවන් වූ මුකේෂ් සිං සහ තවත් චූදිතයන් තුන් දෙනකු සමඟ පවත්වන ලද සාකච්ඡා පසුබිම් කොටගෙනයි.

මරණ දඬුවමට යටත් කර සිටින මුකේෂ් සිං අපරාධය ගැන පශ්චාත්තාප වෙන බවක් නොපෙනෙන අතර ඔහු තරුණියට ද චෝදනා කරයි.

එම වාර්තාමය චිත්‍රපටය විකාශනය සහ එහි කොටස් උපුටා දැක්වීම ඉන්දියානු අධිකරණය එරට තුල තහනම් කොට තිබේ. 

මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙන්නේ මාර්තු 8දා ට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් ලොව පුරා ප්‍රචාරය කිරීම සඳහායි. 

ඉන්දීය බලධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන වාර්තා චිත්‍රපටකාරිය ලෙස්ලි අඩ්වින් (Leslee Udwin) පැවසුවේ බලධාරීන් නොමග ගොස් ඇති බවයි.
“මේ චිත්‍රපටය තිරගතවීම වැළැක්වීමට ගෙන තීරණය මගින් වෙන්නේ ලෝකයට ඉන්දියාව දෙසට ඇඟිල්ල දී කරන්න පුළුවන් වෙන එක .ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණ ලෙස ඉදිරිපත් කරන කථා කිරීමේ නිදහසට මොකක්ද දැන් වෙලා තියෙන්නේ” ඇය ප්‍රශ්න කරන්නීය.

අගමැති නරේන්ද්‍ර මෝඩි මෙම වාර්තා චිත්‍රපටය අගය කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ලෙස්ලි අඩ්වින් (Leslee Udwin) ප්‍රකාශ කර තිබේ.

වරදකරුවෙකු වූ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුගේ සාකච්ඡාවක්ද චිත්‍රපටයට අඩංගු වෙයි. නීතිඥ , ඒ.පී.සිංග් A. P Singh නම් එම පුද්ගලයා තම සොහොයුරිය රාත්‍රී කාලයේදී මිතුරකු සමඟ ඇවිදින්නට ගිය හොත් ඔහු ඇයට ගිනි තබන බව පවසයි.

එසේම වාර්තා චිත්‍රපටයේ සාකච්ඡාවට සහභාගීවන වරදකරු වී මරණීය දණ්ඩනයට ලක්ව සිටින Mukesh Singh ස්ත්‍රී දූෂකයන් මෙන්ම අතවරයට ලක්වූ තරුණියත් එහි වගකීම බාරගත යුතුයැයි පවසන බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ අදහස් මතබේදයට තුඩු දී ඇත. ඉන්දියාවේ විවිධ පුදගලයන් මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් පක්ෂව මෙන්ම විපක්ෂවද විවිධ මත පල කරනු ලැබේ.

Last modified on Friday, 06 March 2015 11:10

Gossip

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය...

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.!

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉ...

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු,  දැන් වියරුවෙන්.

සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්.

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ග...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us