අත්අඩංගුවට ගත්තා කිව් මුහුදු කොටි නායිකාවගේ ඇත්ත කතාව

Published in පුවත්
Thursday, 05 March 2015 11:36

මුහුදු කොටි නායිකාවක අත් අඩංගුවට ගත්තා යනුවෙන් රජයේ හා පෞද්ගලික මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ පුවතේ සඳහන් පරිදි ඇය මෙරට සැඟවී සිටි මුහුදු කොටි නායිකාවක් බව හැඟ වුවත් එය සත්‍යයක් නොවන බව හෙළිවේ.

මේ සම්බන්ධයෙන් ජෙඩීඑස් වෙබ් අඩවිය පළ කර ඇති වාර්තාව පහත දැක්වේ.

පිළිකා රෝගයෙන් පෙළෙන සිය මව බැලීමට දස වසරකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි 41හැවිරිදි එක් දරු මවක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශයේ සිට සිය මව බැලීමට පැමිණි මුරුගේසු භගිරදී සහ ඇගේ අට හැවිරිදි දියණිය පෙරළා පිටව යනවිට මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කැරෙන බව වාර්තා වේ.

ප්‍රංශය බලා පිටත් වීමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ඔවුහු සඳුදා (02) අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ප්‍රශ්න කිරීම සඳහා මේ වනවිට කුප්‍රකට “හතරවන තට්ටුවේ “ රඳවාගනු ලැබ සිටිති. මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ත්‍රස්ත විමර්ශන නිලධාරින් පවසනුයේ, මුරුගේසු භගිරදී පහළොස් වසරකට පෙර දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මුහුදු කොටි අංශයේ සාමාජිකයෙකු වශයෙන් තුන් වසරක් කටයුතු කර ඇති තිබීම හා කොටි සංවිධානය 'යළි ගොඩනැංවීමට' කටයුතු කරන්නියක බවට තොරතුරු ලැබී තිබීම බව ය.

1997 - 2000 කාල සීමාව තුළ භගිරදී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මුහුදු කොටි කාන්තා බලකායේ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කරමින් සිටියදී දරුණු ලෙස තුවාල ලැබීමෙන් අනතුරුව, ඉන් ඉවත්වී ඇත. පසුව ඇය 2003 වසරේදී ප්‍රංශ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු හා තායිලන්තයේදී විවාහ වී, 2005 වසරේදී ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.

නව ආණ්ඩුව ගැන විශ්වාසය

පිළිකා රෝගයෙන් පෙලෙන සිය මව බැලීමට භගිරදී පසුගිය පෙබරවාරි 03වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ නව යහපාලන ආණ්ඩුව යටතේ ඇතිවූයේය'යි කියන නිදහස් වටපිටාව පිළිබඳ විශ්වාසය තබා බව ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඇගේ පරන්තන් පිහිටි නිවසට පෙබරවාරි 13 වැනිදා ගොස් ඇති ත්‍රස්ත විමර්ශන නිලධාරින් විසින් ඇගේ ප්‍රකාශයක් ද සටහන් කරගනු ලැබ තිබේ. පොලිසිය පවසන්නේ ඇගේ සැමියා වන සුබ්‍රමනියම් ජයගනේෂ් කොටි සංවිධාන ජාත්‍යන්තරයේ මුල්‍ය පාලන කටයුතු සිදුකරන්නෙක් බව ය. භගීරදී මේ වන විටත් ඔහුගෙන් නීත්‍යානුකුලව වෙන්ව ඇති අතර, ඒ වෙනුවෙන් නීති ප්‍රකාරව නඩත්තු මුදලක් ද ඔහුගෙන් මාසිකව ඇයට හා දියණියට ලැබේ.

ඇගේ අට හැවිරිදි දියණිය ප්‍රංශයේ අධ්‍යාපනය ලබන අතර, ශීත සෘතු නිවාඩුව අවසන් වී ඇගේ නව පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබී ඇත්තේ මාර්තු 3 වැනිදාට ය. ඒ අනුව ඔවුහු මාර්තු දෙවැනිදා ප්‍රංශය බලා ආපසු යාමට යොදාගෙන තිබුණාහ. මේ බව භගිරදී ත්‍රස්ත විමර්ශන නිලාධාරින්ට සිය පරන්තන් නිවසේදී ප්‍රකාශ කර තිබිණි.

ආපසු එන ලෙස ඇරයුම්

ඇගේ කලින් සැමියා වන සුබ්‍රමනියම් ජයගනේෂන් මෙරටට ගෙන්වා ගැනීම පිනිස සිය සොහොයුරිය හෝ ඇගේ දරුවා රඳවා තබාගන්නට බලධාරීන් කල්පනා කරන්නේ නම් ඉන් පලක් නොවන බව ඇගේ සොහොයුරා ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට පවසා ඇත. ඊට හේතුව මේ වන විටත් ඔහු භගිරදීගෙන් වෙන්වී සිටින බැවිනි.

පසුගිය ගැටුම්කාරී කාල වකවානුව තුළ රටින් බැහැර වූ පිරිස්වලට යළි මව්බිමට පැමිණෙන ලෙස නව ආණ්ඩුව පත්වූ දින සිටම ඇරයුම් කරමින් සිටී. ආණ්ඩුව අවධාරණය කරන්නේ මේ වන විට රට තුළ ඕනෑම පුරවැසියකුට නිදහසේ ජීවත් විය හැකි නිදහස් හා සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇති බවය. එහෙත් මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව, ඉතාලිය ආදී රටවලින් පැමිණි දෙමළ ජාතිකයන් දහදෙනකුට ආසන්න පිරිසක් මේ වන විටත් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන් තොටුපොළේ දී පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.☐

© JDS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us