පෝට් සිටි තාවකාලිකව නවත්වයි

Published in පුවත්
Thursday, 05 March 2015 12:07

චීනයේ ආධාර ඇතිව ඉදිකෙරමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබාදී අැත.

අදාළ ව්‍යාපෘතියේ පරිසර වාර්තා සහ ගිවිසුම්වල ඇති දුර්වලතා පිළිබඳව සොයා බැලීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත අග්‍රාමාත්‍යවරයා විසින් මෙම යෝජනාව සිදුකර ඇත.

කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබුණේ මෙසේය.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය විෂය අංක 27.

අදාළ ආයතනවලින් විධිමත් අනුමැතින් ලබානොගෙන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කර‍ෙගන යන බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ සඳහන්ව ඇත. එම අතුරු වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ආයතනවලින් ලබාගෙන ඇති අනුමැතීන් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ව්‍යාපෘති සමාගමට දැනුම්දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කළ කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළේ පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට නොගෙන බවට පරිසර සංවිධාන චෝදනා කරයි.

මෙම ව්‍යාපෘතිය නතර කරන බවට ඉකුත් මැතිවරණ වේදිකාවේදී වත්මන් රජයේ නායකයින් පොරොන්දු දුන් බවට ද පරිසර සංවිධාන සහ තවත් විවිධ සංවිධාන පසුගිය දිනවල මාධ්‍ය හමු පවත්වමින් විරෝධතා පවත්වමින් අවධාරණය කරන ලදී.

මෙම වාතාවරණය යටතේ අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us