සම්බන්ධන්ට සුමන්තිරන්ට එරෙහි එල්ටීටීඊ විරෝධතා එක දිගටම

Published in පුවත්
Thursday, 05 March 2015 12:22

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට මරණ දඬුවම නියම කර, යාපනය අර්ධද්වීපය පුරා පඹයින් එල්ලා ඇත. වඩමාරච්චි, තෙන්මාරච්චි සහ යාපනය නගරය යනාදී ප්‍රදේශයන්හි 03 දින රාත්‍රී මෙලෙස පඹයින් එල්ලා ඇති බව දැනගැනීමට ලැබී ඇත.

'දෙමළ ජාතික සන්ධානයේ තරුණ කණ්ඩායම' ලෙස තමන්ව හඳුන්වාගත් එල්ටීටීඊ හිතවාදී තරුණයින් කණ්ඩායමක්, මරණ දඬුවම යන අනතුරු ඇඟවීම සමගින් මෙම පඹයින් එල්ලා ඇත. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට එරෙහිව ඔවුන් හඬ නගා ඇත.

“මෙම වීර භූමිය ද්‍රෝහීන්ට සමාව දෙන්නේ නැත. ජනතාවගේ හැඟීම් තේරුම් නොගන්නා පුද්ගලයින් නායකයින්ද?, ආත්ම ගෞරවයක් ඇති ජාතිය මුදලට පාවා නොදෙනු” යනාදී වශයෙන් හඬනඟා එම පිරිස විසිර ගිය බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු කීපදෙනෙකුත්, පළාත් සභාවේ තරුණ මන්ත්‍රීවරු කීහිපදෙනෙකුත් එම කණ්ඩා‍මේ සිටි බව තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.

sumanthairan hang 101

වඩමාරච්චි කරවෙඩ්ඩි, මුත්තු විනායගර් කෝවිල ආසන්නයේ, ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ගේ කාර්යාලය යනුවෙන් විවෘත කල තමිලරසු පක්‍ෂ කාර්යාලය සහ ‍කයිතඩි හි ඇති උතුරු පළාත් සභාව ඉදිරියෙත්, යාපනය නගරයේ මාර්ටින් වීදියේ ඇති තමිලරසු පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිටත් සුමන්දිරන්ගේ රුව සහිත පඹයින් එල්ලා ඇත.

අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙයට ඉහතදී යාපනයේ පැවති වි‍රෝධතාවයකදී සුමන්දිරන්ගේ රුව සහිත පඹයෙකු ගිනි තබන ලදි. එම සිදුවීම හේතුවෙන් ‍තමිලරසු පක්‍ෂය, රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය ලබන අනන්දි සසිදරන් ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා ඉදිරිපත් කර පරීක්‍ෂණයක් පවත්වන බව දන්වා තිබුණි.

කෙසේ නමුත් මෙම විරෝධතා පි‍ටුපස එල්ටීටීඊ ඩයස්පොරාවේ නායකයකු වන රුද්‍රකුමාරන් හා රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතාවයක් ඇති බව අනාවරණය වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග පවසයි.


සැබැඳි පුවත් :


උතුරේ නොසන්සුන්තාව පි‍ටුපස මහින්ද - ඩයස්පෝරාවේ 4කුත් ගෙන්වලා

රාජපක්ෂ සසිදරන් රුද්‍රකුමාරන් සන්ධානය ආයෙත් වැඩ පටන් අරගෙන

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us