රාජපක්ෂ සසිදරන් රුද්‍රකුමාරන් සන්ධානය ආයෙත් වැඩ පටන් අරගෙන

Published in පුවත්
Wednesday, 04 March 2015 11:48

උතුරු පළාත තුළ යළි කළබලකාරී වාතාවරණයක් ඇති කිරීමටත් දෙමළ ජනතා සන්ධානය මෙරට ජාතික දේශපාලනය හා බද්ධවීම වලක්වා ගැනීමටත් විශාල කුමන්ත්‍රණයක් මේවන විට දියත් වෙමින් තිබෙන බව වාර්තාවේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ ඩයස් පෝරාව මෙහෙයවීමට දැඩි උත්සහයක් ගත් යුරෝපීය එල්ටීටීඊ ඩයස් පොරාවේ නායකයකු වන රුද්‍රකුමාරන් විසින් මෙහෙයවන කණ්ඩායමක් හා ආරක්ෂක අංශවලට සම්බන්ධ රාජපක්ෂ හිතවාදීන් පිරිසක් විසින් උතුරේ යම් ගැටලු කාරිත්වයන් නිර්මාණය කිරීමේ උත්සහයක් ගැන අප වෙත වාර්තා වී තිබේ.

ඒ අනුව නුදුරු දින කිහිපයේදී උතුරු පළාතේ යම් ප්‍රදේශ වලින් අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය තොග වශයෙන් මතු වූ බව හුවා දක්වන සිදුවීම් ‍රැසක් නිර්මාණය වනු ඇත. ඒ අනුව යළි එල්ටීටීඊය බිහිවන බවත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි බවටත් ව්‍යාජ මත රට පුරා පැතුරුවා යලි රාජපක්ෂව දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම මොවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මේ සඳහා උතුරු පළාත් මන්ත්‍රීනී ආනන්දි සසිදරන්ගේ සහයද නොමදව ලැබී තිබේ. ඇය එල්ටීටීඊ සංවිධනයේ හිටපු නායකයකු වන එලීලන්ගේ බිරීඳයි. ඇය මන්ත්‍රීවරියක ලෙස පත්වන්නටත් පෙර රජයේ ආරක්ෂක අංශ විසින් ඇයට බරපතල ලෙස තර්ජනය කරමින් සිටි අතර එහිදී රුද්‍රකුමාරන් මැදිහත් වී ජීවිතය බේරා ගැනීමට රාජපක්ෂවරු හා එකඟතාවයකට යන ලෙස ඉල්ලා තිබිණි. ඒ අනුව ඇයට රාජපක්ෂ රජයේ අනුග්‍රහය ලැබිණි. AA002/4 ගරාජ් අංකය දරන සුපිරි ජීප් රථයත් චන්ද්‍රිකා දුරකථන පහසුකම් මෙන්ම එවකට ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මේජර් පතිරණ නැමැත්තා ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙසත් පොලිස් නිළධාරීන් රැසකුත් ඇයට ලබා දෙන ලදී. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී ඇය දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂව ගත් තීරණයට එරෙහිව යමින් අදහස් පළ කළේය. රුද්‍රකූමරන්ගේ ඉල්ලීම පරිදි දෙමළ ජනතාව ඡන්දය වර්ජනය කළ යුතු බවත් පැවැසුවාය.

මේ අතර රුද්‍රකුමාරන් විසින් මහ ඇමැති විග්නේශ්වරන්වද බිලි බා ගැනීමේ විශාල උත්සයක නිරතව සිටී. විග්නේශ්වරන් පසුගියදා පළාත් සභාවට කළ යෝජනාව හේතුවෙන් එම උත්සහය තවත් දැඩිව තිබේ. මෙරට මේවන විටත් රැඳී සිටින රුද්‍රකුමාරන්ගේ නියෝජිතයන් සිව් දෙනා පසුගියදා විග්නේශ්වරන් හා සාකච්ඡාවකද පවත්වා තිබෙන උතුරේ ආරංචි මාර්ග පවසයි.

සැබැඳි පුවත් :

උතුරේ නොසන්සුන්තාව පි‍ටුපස මහින්ද - ඩයස් පෝරාවේ 4කුත් ගෙන්වලා

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us