මහ මැතිවරණය අලුත් ඡන්ද ක්‍රමයෙන් ! Featured

Published in පුවත්
Thursday, 05 March 2015 10:31

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම එකවර සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව පළ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන් බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නවා නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට භාර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ඊයේ (4දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවකදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.

මේ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බවත් මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර, මේ සංශෝධන සිදුකළ යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටි බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාළ ප්‍රායෝගික කරුණු පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බවත් සීමා නිර්ණය කිරීම් ගැන මිනින්දොරු දෙපාර්තමේන්තුවට අදාළ වගකීම් කෙටි කාලයකදී සිදුකළ හැකි බවට දැනුම් දී ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ.

මැතිවරණ ක්‍රමය කේවල හා සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් යටතේ සිදුකිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව පදනම් කර ගැනීමටද එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව පළ වී ඇත. මේ අනුව මේ සංශෝධනය සිදුකිරීමේ කාර්යයන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමටද නියමිත අතර මාස 2ක් ඇතුළත මේ සංශෝධන දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු මේ අවස්ථාවට සහභාගි වූහ.

කෙසේ නමුත් මෙම නව ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂවල විරෝධය පළ වී තිබේ.

මව්බිම ඇසුරිණි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us