13 දා මෝදි දියවන්නාවට

Published in පුවත්
Thursday, 05 March 2015 09:48

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එහිදී පස්වරු 2.30 සිට ඔහු සිය කතාව පවත්වනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් සිය කතා පැවැත්වීමට නියමිතය.

ඉන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමරු පොතේ සිය අත්සන තැබීමට හා කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් පවත්වන තේ පැන් සංග්‍රහයටද මෝදි අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.

සිය ශ්‍රී ලංකා සංචාරය තුළ යාපන ප්‍රදේශයේ ද ඒ මහතා සංචාරයක නිරතවීමට නියමිතය. ඒ අතර වාරයේ ඔහු අනුරාධපුරයේ හා මන්නාරම ප්‍රදේශවලටද ගමන් කරනු අැත.

මෝදි මහතා ලබන 13 වනදා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට ළගා වේ. ඒ වසර 27 කට පසු ඉන්දීය රාජ්‍ය නායකයෙකු සිදු කෙරෙන පළමු ශ‍්‍රී ලංකා සංචාරයයි. 1987 වසරේදී ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා අවසන් වරට ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා එක් වුයේය.

අවසන් වරට වෙනත් රටක රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව අමතන ලද්දේ 2013 වසරේදීය. එවක තායිලන්තයේ අගමැතිවරිය වූ යින්ලක් ෂිනවත‍්‍රා මහත්මිය තම ශ‍්‍රී ලංකා සංචාරයේදී මෙරට පාර්ලිමේන්තුව අමතනු ලැබුවේය
.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us