කන්කසන්තුරේ ඉදිවන ජනපති මැඳුර ජනසතු කරනවා

Published in පුවත්
Thursday, 05 March 2015 09:37

යාපනයේ, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

උතුරු පළාත් සම්බන්ධීකරණ රැස්වීමට ඊයේ (04) සහභාගි වු ජනාධිපතිවරයා කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය පිළිබඳ සොයා බැලීමෙන් පසු මේ බව ප්‍රකාශ කර තිබේ.

අක්කර සියයක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මන්දිරය සුඛෝපබෝගී කාමර 20ක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන 02ක්, පිහිනුම් තටාක 02ක්, ශ්‍රවනාගාර, රැස්වීම් ශාලා ඇතුළු අංග කිහිපයකින් සමන්විතය.රුපියල් කෝටි 250 ක මුදලක් වැය කරමින් එහි ඉදිකිරීම් සහ ගෘංහ අලංකරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබු අතර ඉන් සියයට 90 ක පමණ වැඩ අවසන් කර ඇත.

නාවික හමුදාවේ සෙබළුන් 300ක් පමණ මන්දිරයේ ඉදිකිරීම් වල නිරතව සිටිති.

ලබාදුන් පොරොන්දු ඉටු නොකර අරලියගහ මන්දිරයට නොයන බව ද ජනාධිපතිවරයා ඉකුත් මැතිවරණ සමයේදී පැවසුවේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us