News Items (18842)
යාපනයේ සහ ආරුගම්බේහි ඉඳි කර ඇත්තේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා බව පවසා ජනතාව මුලා කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ කළත් ඒවාට රැවටීමට තරම් ජනතාව මෝඩ නැතැයි අධ්‍යාපන ඇමැති, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
“..විලාසිතාව යනු අවලස්සන කෑලි එකතුවකි. එය හය මසෙන් හය මසට ඉවත් කළ යුතු තරමටම අවලස්සනය..” ඔස්කාර් වයිල්ඩ් විලාසිතා ගැන එසේ කියා තිබිණි.
ඡායාරූප : චතුරංග ගමගේ
සංකල්පය : මිලින්ද ප්‍රේමරත්න
නිරූපණය : බ්‍රයන් ලිවේරා











බොලිවුඩ් පුරවරය කියන්නෙ දහස් ගණනක් තරු බැබලෙන අමුතුම ලෝකයක්. සමහර තරු බැබළි බැබළි තිබිල එක පාරටම නිවිලා යනවා. ඒ තරු නිවෙන්න හේතුව ඇත්තටම අභිරහසක්. ඒවගේම මේ තරු වගේ බැබළෙන ජීවිතවල ඇතුලෙ තියෙන කතාව සුන්දර නැති බව ඔබට වැටහේවි.
‘‘ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු!’’ නමැති ලිපියෙන් මා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වී තිබූ විශේෂ ප්‍රවෘතියක් හේතුවෙන් ඇති වූ අලකලංචිය නිරාකරණය කරගැනීම සඳහා මාර්ගයක් පාදා ගැනීම ය. නමුත් මේ තෙපළ ම ඉන් ඔබ්බට කිසිවක් නොකී හෙයින් එය ඉන් අවසන් විය. එහෙත් 2015-03-08 දින ඉරිදා මව්බිම පුවත්පත සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යළිත් ඒ සම්බන්ධයෙන් යමක් ලිවීමට සිත් විය.
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා අද (09) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.
වසර 4 කට වඩා ක්‍රීඩා සංගම් වල ඉහළ තනතුරු බදාගෙන ගෙවල පෙරේතයන් මෙන් සිටි නිලධාරීන්ට යළි එම සංගම් වලට රිංගා ගැනීමට තිබෙන ඉඩ කඩ අහුරාලමින් නීතිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නව නීතිය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුම නිතියක් බව අපගේ හැඟීමයි. මේ සඳහා අවශ්‍ය සහයෝගය නව ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගෙන් නොමදව ලැබෙනු ඇති බවද අප විශ්වාස කරමු.
කොළඹ මහාධිකරණය, අද දින(09) හිටපු හමුදා පති ජෙනරාල් සරත් ෆොන්සේකාට හා ඔහුගේ ලේකම් සේනකද සිල්වා මහතාට එරෙහිව පැවැති හමුදා සෙබළුන් රාජපාක්ෂික භාවයෙන් මුදවාලීම සම්බන්ධයෙන් වූ චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක යන දෙදෙනාට අද (09) සිට ගුවන් ගමන් තහනම් නියෝගයක් පනවා ඇත.
