News Items (18842)
මහින්ද රාජපක්ෂගේ පරාජය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ආගමික ත්‍රස්ත සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානය එක්සත් ජාතික පක්ෂයට හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ කිට්‍ටු කිරීමට කෙටි මාර්ග සොයමින් සිටින බව වාර්තාවේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි සංවිධානය කිරීමට කටයුතු කළ බව කියන සැකකරුවන්ට රැකවරණ ලබාදුන් බවට චෝදනා එල්ලවුණු කිළිනොච්චියේ පදිංචිව සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) අධිකරණයෙන් ඇප මත නිදහස් වී තිබේ.
නීති විරෝධී වරාය නගරය මහින්දගේ ජඩ ව්‍යාපෘතියක් - වරාය අධිකාරිය
වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ධීවර සංවිධාන ඇතුළු සංවිධාන ගණනාවක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට කරන ලද පැමිණිල්ල ඊයේ(09) විභාගයට ගත් අවස්ථාවේදී වරාය ආඥා පනතය පටහැනිව චීන නගර ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දී ඇති බව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පැමිණි වරාය අධිකාරියේ නියෝජිතයින් පිළිගත් අතර මධ්‍යම පරිසර අධිකාරිය, වෙරලේ හෝ ගොඩබිමේ කිසිම තැනකින් වැලි ලබා ගැනීමටත් බලපත්‍ර නොමැති ස්ථානයකින් ගල් ලබා ගැනීමටත් අවසර නොදුන් බව පිළිගන්නා ලදී.
සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක් සිය පළමු ගුවන් ගමනේ නිරත විය.
රටේ ජනතාවගේ ජනතා මතය හිස නමා, මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
ඉන්දියාවේ දිමාපූර් නගරයේදී ස්‌ත්‍රී දූෂකයකු යෑයි සැකකර වාහන අලෙවි කරන්නකු වූ සයිඩ් ෆරීඩ් කාන් නැමැත්තා මරා දැමීම සම්බන්ධව 22 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මහ බැංකුවේ රහස් අධිපතිගේ බෑණා අතට ගිය හැටි හොයන්න ජනපතිගෙන් කමිටුවක්
භාණ්ඩාගාර බැඳූම්කර නිකුතුවක් වංචාකාරී ලෙස මිලදි ගැනීම සම්බන්ධයෙන් වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑනාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට සූදානම් වේ.
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලමින් මහනුරවදී පැවැති රැලියට තමන් සහභාගී වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන් ජනතාව නියෝජනය කරමින් බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය පවසයි.
මා කවියට යොමු වුණේ මේ ක්‍රමය දරාගැනීමට නොහැකි නිසා - සඳුන් ප්‍රියංකර විතානගේ
සඳුන් ප්‍රියංකර විතානගේ ගේ කුළුඳුල් කව් අස්වැන්න මෙම මස 14 වන දින සවස 03.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිත ය. මතු දැක්වෙන්නේ එය නිමිති කොටගෙන ඔහු සමග කළ සාකච්ඡාවයි.
සිංහල ජනතාවත් යලි පදිංචි කළ යුතුය - උතුරු පළාත් අමාත්‍ය ඩෙනීෂ්වරන්
වව්නියාවේ මායිම් ගම්මාන වල ජීවත්වූ සිංහල ජනතාව නැවත පදිංචි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ධීවර, ප්‍රවාහන සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් ප්‍රකාශ කර ඇත. වව්නියාවේ පැවති වැඩසටහනකට සහභාගි වී කතා කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
